The post මන්ත්රී ප්රතිපාදන ලෙස මන්ත්රීවරුන් යොදවන්නේ මහජන මුදල් බැවින් ඒ සදහා කතා කිරිමට අපි හැමෝටම අයිතියක් මෙන්ම සමාජ වගකීමක් ඇති බව සිතමි.බස්නාහිර පළාත තුළ වසරකට බොහෝ මන්ත්රී ප්රතිපාදන වලින් විවිධ දේ පෙරපාසල් ගුරුවරියන්ට ලබාදීම මා වසර ගණනක සිට දැක ඇත්තෙමි.නමුදු එම ප්රතිපාදන අදාල සුදුසුදේ සදහා යොදවන්නේද යන්න ගැටලුවකි.එමෙන්ම අප ඒකකය නිරන්තර පෙරපාසල් අධීක්ෂණය ට යාමේදී ගුරුවරියන් මැසිවිලි නගන්නේද ලබාදෙන හාණඩ ප්රමිතියෙන් තොර ඉතා කෙටි කාලයක් පමනක් පාවිච්චි කල හැකිදේ බවයි. මෑතකදී ලබාදුන් ප්රතිපාදන වලට අදාල භාණඩ ලබාදෙන අවස්ථාවකදීම කැඩී ඇති බව දැකගන්න ලැබිණ. අදාල තොරතුරුද අප සතුව ඇත..මන්ත්රී ප්රතිපාදන හෝ ඕනෑම මුදලක් රටේ අනාගතයේ උන්නතිය උදෙසා වැයකල හැකිනම් අපේ රටේ සංවර්ධනය නොපෙනෙන මානයේ නොවනු ඇත. appeared first on PFP News.