#FDA Banned BVO Soda Products In USA..🚫 🇺🇸❌ ⚠️️ඔබත් පැගිරි රස සෝඩා වර්ග ,බීම වර්ග පානය කරනවාද?🔊එසේ නම් ඔබ මෙය අනිවාර්යයෙන් කියවිය යුතු ලිපියකි.🥤🥂 ✍️එක්සත් ජනපද ආහාර හා ඖෂධ අධිකාරිය 2024 අගෝස්තු 2 සිට බලපැවැත්වෙන පරිදි, ආහාරවල බ්රෝමිනේටඩ් එළවළු තෙල්(BVO) හෙවත් E 443 භාවිතයට අවසර දෙන ලද රෙගුලාසිය අවලංගු කර ඇත.🚫 එක්සත් ජනපද ආහාර හා ඖෂධ අධිකාරිය(USFDA) බ්රෝමිනේටඩ් එළවළු තෙල් ආහාර ආකලනයක් ලෙස තවදුරටත් භාවිතය පරිභෝජනයට ආරක්ෂිත නොවන බව නිගමනය කිරීම මෙයට හේතු වී ඇත.🔍 ✍️ මොනවද මේ බ්රෝමිනේටඩ් එළවළු තෙල් කියන්නේ? (#Brominated #Vegitable #Oil)🔍 බ්රෝමිනේටඩ් එලවලු තෙල් (BVO) යනු මේද අණු වලට බන්ධනය වී ඇති බ්රෝමීන් මූලද්‍රව්‍යයේ පරමාණු මගින් වෙනස් කරන ලද ශාක ව්‍යුත්පන්න ට්‍රයිග්ලිසරයිඩ වල සංකීර්ණ මිශ්‍රණයකි. පැඟිරි රසැති සිසිල් බීමවල තෛලෝදකාරකයක් (emulsifier) ලෙස සහ ස්ථායීකාරකයක් ලෙස බ්රෝමිනේටඩ් එළවළු තෙල් භාවිතා කරයි.එමගින් ප්‍රධාන වශයෙන් පැඟිරි බීම වල රසකාරකය වෙන්වීම සහ ඉහළට පාවීම වැළැක්වීම සිදුවේ. Brominated එළවළු තෙල් 1931 සිට සිසිල් බීම කර්මාන්තය සදහා භාවිතා කර ඇත.සිසිල් බීම නිෂ්පාදනයේදී 15 ppm දක්වා වූ උපරිම මට්ටමකට BVO යොදා ගැනීමට නිෂ්පාදනයන් හට FDA මේ දක්වා අවසර ලබා දී තිබුණි. 1950 ගණන්වල අග සහ 1960 ගණන්වලදී, BVO, FDA හි අමුද්‍රව්‍ය ලැයිස්තුවේ “සාමාන්‍ය ආරක්ෂිත” ආකලනයක් ලෙස සැලකුණි. නමුත් 1960 ගණන්වල අගභාගයේදී එය පළතුරු රසැති බීමවල රසකාරක තෙල්(flavor oil) ස්ථායීකාරකයක් ලෙස පමණක් භාවිතා කිරීම දක්වා සීමා පනවන ලදි. 1969 දී කැනේඩියානු ආහාර සහ ඖෂධ අධ්යක්ෂ අධිකාරිය විසින් බහුවිධ විෂ සහිත අධ්‍යයනයකින් පසුව ඔවුන්ගේ ආකලන ලැයිස්තුවෙන් මෙය ඉවත් කරන ලදී. 2023 වසරේ නොවැම්බරයේදී, ආහාර සඳහා BVO භාවිතා කිරීමට අවසර දීම අවලංගු කිරීමට FDA විසින් යෝජිත රීතියක් නිකුත් කරන ලදී. 2023 ඔක්තෝම්බර් මාසයේදී කැලිෆෝනියාව BVO සහ තවත් ආහාර ආකලන තුනක් තහනම් කිරීමෙන් ටික කලකට පසුව මෙම පියවර FDA විසින් ගෙන ඇත.එමෙන්ම ස්වාධීන ආහාර සහ සෞඛ්‍ය නිරීක්ෂණ සංවිධානයක් වන මහජන අවශ්‍යතා සඳහා විද්‍යා මධ්‍යස්ථානයේ අධ්‍යයනයන් අනුව 1970 දී එක්සත් රාජධානියේ BVO තහනම් කල අතර,2008 දී යුරෝපා සංගමයද මෙය තහනම් කරන ලදි. මෙය ඉන්දියාව සහ ජපානයේද භාවිතය තහනම් ආකලනයකි.( #අවාසනාවකට ලංකාවේ තහනම් ආකලන ලැයිස්තුවේ E 443 සම්බන්ධයෙන් සදහනක් නැත.) ✍️ #ඔබේ ශරීරයට BVO බලපාන්නේ කෙසේද? සත්වයන් යොදා සිදු කල අධ්‍යයනයන් මගින් BVO මගින් “තයිරොයිඩ් ග්‍රන්ථියට විෂ සහිත බලපෑම්” ඇති වන බව සොයාගෙන ඇත. 2022 දී ප්‍රකාශයට පත් කරන ලද තවත් එක් අධ්‍යයනයකින්ද BVO තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වයට බාධා කළ හැකි බව සොයා ගන්නා ලදී.( තයිරොක්සීන් හෝමෝනය ඉතා අඩුවෙන් නිපදවන බව), එමෙන්ම මෙමගින් බර වැඩිවීම සහ මානසික අවපීඩනය කෙරෙහිද බලපෑම් කරන බව හෙලිවී ඇත. ශරීරයේ වැඩිපුර බ්රෝමීන් එකතු වීම මධ්‍ය ස්නායු පද්ධතියට හානි කිරීම මෙන්ම හිසරදය, ඔක්කාරය සහ තවත් බොහෝ සංකූලතා ඇති කළ හැකි බව සදහන් වේ. ✍️ USA FDA බ්රෝමිනේටඩ් එළවළු තෙල් තහනම් කරන්නේ ඇයි? කාලාන්තරයක් තිස්සේ සිදු කරන ලද අධ්‍යයනයන්ට අනුව,BVO අඩංගු සෝඩා දිනපතා පරිභෝජනය කිරීමෙන් මතක ශක්තිය නැතිවීම, වෙව්ලීම, තෙහෙට්ටුව, මාංශ පේශි සම්බන්ධීකරණය නැතිවීම, හිසරදය සහ ඇසිපියෙහි පාතය(ptosis) ඇතිවීම පිළිබද සිද්ධීන්ද අනාවරණය කර ගෙන ඇත. තවද සිරුර තුළ බ්රෝමීන් විෂ වීම සිදු විය හැකි සොයා ගැනීමෙන් පසු බ්රෝමිනේටඩ් එළවළු තෙල් තහනම් කළ බව ඇමරිකා එක්සත් ජනපද FDA පවසා ඇත.එමෙන්ම එරට තුළ BVO අඩංගු නිෂ්පාදන ප්‍රතිසංස්කරණය කිරීමට, නැවත එක්කාසු කර ගැනීමට සහ විකිණීම නැවැත්වීමට සමාගම්වලට වසරක කාලයක් මේ වන විට ලබා දී ඇත. ✍️ සෝඩා වලට අමතරව වෙනත් බීම වල BVO තිබේද? මේ පිළිබද පර්යේෂකයන් පවසන්නේ BVO සාමාන්‍යයෙන් කාබනීකෘත බීම වල ඇති නමුත් කාබනීකෘත නොවන බීම වලද එය අඩංගු විය හැකි බවයි. එබැවින් ඕනෑම ආනයනික පැඟිරි රසැති බීම වර්ගයක් මිලදී ගැනීමට පෙර ලේබලය දෙවරක් පරීක්ෂා කර බැලීම ඔබගේ සෞඛ්‍ය ආරක්ෂාව සදහා නිර්දේශ කරන අතර, එහිදී අඩංගු අමුද්‍රව්‍ය ලැයිස්තුවේ “BVO” ලෙස හෝ “Brominated vegitable oil” ලෙස හෝ “brominated” හෝ E 443 ලෙස සදහන්ව ඇති නම් හෝ පැගිරි රසැති බීම බෝතලයේ ගෙල කොටසේ වලාකුළු වැනි ස්වභාවයක් ඇති නම්, කෙතරම් කීර්තිමත්,නමගිය,රසැති නිෂ්පාදනයක් වුවද එය පාවිච්චි නොකිරීම ඔබට හිතකර වනු ඇත. “එහෙයින් අවසාන වශයෙන් කිව හැකි වන්නේ ඕනෑම ආහාරයක් කිසිදු ගැටලුවකින් තොරව ආනයනයට හෝ රට තුලට ගෙන ආ හැකි තත්වයක් ඇති ලංකාවේ නීති රීති ඉබි ගමනින් යාවත්කාලීන වන හෙයින්,සුපිරි වෙලද සැල්,සමාජ ශාලා,අවන්හල්,තරු පහේ හෝටල වලින් හෝ අන්තර්ජාල ඇණවුම් මගින් රස දිව පිනවීමට මිලදී ගැනීමට පෙර, බුද්ධිමත් පාරිභෝගිකයකු ලෙස අවබෝධයකින් යුතුව මෙබදු ආහාරක් තෝරා ගැනීම ඔබ පමණක් නොව රටවැසි සැමගේ යහපත සදහා හේතු වන බවයි. -✍️මහේන් බාලසූරිය . -මහජන සෞඛ්‍ය පරීක්ෂක –