කෑගලු විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව 2024.07.04 චන දින ජනාධිපති ලේකම් කාර්යාලීය සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සහ ජනාධිපති ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ මෙම වැඩසටහන සඳූහභා ජනාධිපනි ලේකම් සමන් ඒකනායක මහතා ද සහභාගී විය.
එහිදී රැස්ව සිටි පිරිස අමතමින් ජනාධිපනි ලේකම් සමන් ඒකනායක මහතා පැවසුවේ පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳ දැනුම ලබාගැනීමට තරුණ ප්‍රජාව දක්චන උනන්දුච පිළිබඳ සතුටු වචන බවසි. දේශපාලන ක්ෂේත්රයට පිවිසීමේදී උගත්කම මෙන්ම මනා දේශපාලනික අවබෝධයකින් සිටීමේ වැදගත්කම ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටන් පෙන්වා දුන්නේය.
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය පැහැදිළි කරමින් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝභණධීර මහත්මිය පවසා සිටියේ ප්රජාතන්ත්රවාදය ශක්තිමන් කිරීමට අනාගත පරපුර අධිෂ්ඨාන කරගත යුතු බවයි. ශිෂ්‍ය පාර්ලිමේන්තු ව්‍යාපෘතියට අන්තර්ජාලය හරහා සම්බන්ධ වූ පළමු පාසල කෑගලු විද්‍යාලය බව ඇය වැඩිදුරටන් සිහිපත් කළාය. දේශපාලන දැනුමැති ප්රජාචක් බිහිකිරීමේ අරමුණින් පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳව දැනුම සියලු දෙනා සමභ බෙදා ගන්නා ලෙස කුෂානි රොහණදීර මහත්මිය සියලුම තරුණ සිසු දරුවන්ට ආරාධනා කළාය.
ශ්‍රී ලාංකේය පාර්ලිමේන්තු ඉතිහාසයේ වැදගන් නීන්දු නීරණ රැසක් ගන්නා අවස්ථාවේදී සෙවණ දුන් ව්‍යවස්ථාදායක ගොඩනැඟිල්ලක් චන චතන්මන් ජනාධිපනි ලේකම් කාර්යාලයේ සිට මෙම විවාදය පැවැන්වීම දරුවන්ට ගිමිවූ මහඟු අවස්ථාවක් බව කෑගලු විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පනි ඩබ්ලිච්.ඒ. භේරත් මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
කෑගලු විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙන්ම මෙම අවස්ථාවට සහභාගී වූ දූ දරුවන්ට ද සහතිකපත් ප්රදානය කෙරිණි.
ජනාධිපති ලේකම් කාර්යාලයේ සහකාර අධ්යක්ෂ මේජර් නදීක දංගොල්ල, පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මහජන සම්බන්ධනා කළමනාකාරිනී බුද්ධිනි රාමනායක මෙනවිය, මහජන සම්බඛන්ධතා නිලධාරීන් චන දුමින්ද වික්‍රමසිංහ සහ යස්රි මොහොමඩ් යන මහත්වරුද මහජන සම්බන්ධතා සම්බන්ධීකාරක ජය ප්‍රකාශ් මහතාද මෙම අවස්ථාවට සහභාගි වූහ.