කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත තුළින් කාන්තාවන්ට හා දූදරුවන්ට හානිකර, ව්‍යවස්ථා විරෝධී, හා සදාචාර විරෝධී වගන්ති ඉවත් නොකොට, නීතියක් බවට පත් නොකරන මෙන් මාධ්‍ය සාකච්ඡාව 20224.06 .28 වැනි දින සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ දී පැවැත්විණි මෙම කෙටුම්පත මෙරට සංස්කෘතියට දැඩි බලපෑමක් එල්ලවිය හැකි බවත් විවිධ විජාතික බලවේග වල අවශ්‍යතාවයන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටද පටහැනිව ක්‍රියාත්මක කරවන්න යන මෙම පනතින් බෞද්ධ ආගමික පරිසරයට හා සමස්ත ශ්‍රී ලාංකීය සමාජ සංස්කෘතියට දැඩි බලපෑමක් එල්ල කරයි. එමනිසා එයට එරෙහිව නැගී සිටීම සමස්ත ශ්‍රී ලාංකීය ජාතියේම වගකීමක් බව මෙහිදී අවධාරනය කෙරින. මෙම මාධ්‍ය සාකච්ඡාව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතා සහ ගරු කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සංවිධායකත්වයෙන් පැවැත්විණ. මෙම අවස්ථාවට ගෞරවණීය මහා සංඝරත්නය ඇතුළු විද්වතුන් රැසක් එක්වූහ.