විෂය භාර ඇමතිවරයත් ආරක්ෂක ඇමතිවරයත් රටේ මුල් පුරවැසියා ජනාධිපති හැබැයි ඔහු දන්නෑ මේ කර්මාන්තය සඳහා භාවිතා කරන වෙඩි බෙහෙත් කොච්චර ප්‍රමාණයක් මේ කර්මාන්තවලට යොදවනවාද කියලා.එහෙම දන්නවනම් අනුරාධපුරේ එක ගල් කොරි ව්‍යාපාරිකයකට විතරක් ඩෙටනේටර් කූරු විසි හතක් තියාගන්න අයිතියක් නැහැ.ඒ සම්බන්ධව තියෙන තොරතුරු සියල්ල ආරක්ෂක ලේකම්වරයාට පොලිසියට,මහජන ආරක්ෂක අමාත්‍යවරයාට දැනුම් දීලා තියෙනවා, සාරාල්ලට රටේ විනාශයක් කරන්න ගියේත් ඩෙටනේටර් කූරු හතක් අටක් පමණයි.මේ ඒක කර්මාන්තශාලාවකින් හොයාගත්ත ප්‍රමාණය.අනිත් ඒව මේ පූර්ණ ද්‍රව්‍ය කොච්චර ප්‍රමාණයක් භාවිතා කරනවද කියලා දන්නේ නැහැ.කොළ කෑලි වල නිල සංඛ්‍යා ලේඛන තිබුනට ඊට වඩා වැඩිපුර තියෙන්න පුළුවන්.ඒක රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් ජනතාවගේ ජීවිත වලට තර්ජනයක් .සිද්ධියක් උනාට පස්සේ විමර්ශන කරනවට වඩා සිද්ධියක් වෙන්න කලින් මේ පිළිබඳව සොයා බලන්න කියලා අපි ජනාධිපතිවරයාටත් ආරක්ෂක ලේකම්වරයාටත් සාමය පිළිබඳ අමාත්‍යවරයාටත් පොලිස්පතිවරයාට කියනවා .
Previous ArticleWith the assistance of the Chinese government, the renovation work of the Supreme Court complex is currently underway.
Next Article වර්ෂාවෙන් ආපදාවට ලක්වූවනට සහන සලසන්න සාකච්ඡාවක්