ආහාර වේලකට ලක්ෂ 04ක් – හමුදාපතිත් කොටුවෙයි
ජනාධිපතිගේ වේලකට ලක්ෂ 04ක් – හමුදාපතිත් කොටුවෙයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් හමුදාපති විකුම් ලියනගේ පවත්වන ලද දිවා භෝජන සංග්රහයක වියදම රුපියල් ලක්ෂ 04කට ආසන්න වී ඇති අතර ආරක්ෂ රාජ්‍ය ඇමති වෙනුවෙන් එය රුපියල් ලක්ෂය ඉක්මවා ඇති බවද අනාවරණය වේ.
වර්තමාන හමුදාපති එම ධුරය භාරගැනීමෙන් පසුව පවත්වන ලද භෝජන සංග්‍රහයන් සඳහා මෙවැනි මුදලක් හමුදාපති අරමුදලෙන් වියදම් කර ඇති බව සමාජ මාධ්‍ය මගින් හෙළි කර තිබේ. ජනාධිපති වෙනුවෙන් පවත්වන ලද දිවා භෝජන සංග්‍රහයට රුපියල් තුන්ලක්ෂ හැත්තෑ හතර දහස් පන්සිය තුනයි සත විසි තුනක් (රු. 374,503.23) වියදම් කර ඇත. ආරක්ෂක රාජ්‍ය ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් වෙනුවෙන් පවත්වනලද සංග්‍රහයට රුපියල් එක්ලක්ෂ දොලොස්දහස් පන්සියයි සත පනහක් (රු. 112,500.50) වියදම් කර ඇතැයි එම මාධ්‍ය වාර්තාවල සාක්ෂි සහිතව පල කර ඇත.
මේ අතර පකිස්තානයෙන් පැමිණි හමුදා කණ්ඩායමකට භෝජන සංගහය වෙනුවෙන් රුපියල් එක්ලක්ෂ අසූතුන්දහසක් (රු. 183.000) පණක් වැය වී තිබීම විශේෂත්වයකි. ජාත්‍යන්තරයෙන් පැමිණි නිල කණ්ඩායමක් වෙනුවෙන් එම මුදල දරන අතර ජනාධිපති වෙනුවෙන් රුපියල් රුපියල් තුන්ලක්ෂ හැත්තෑ හතර දහස් පන්සිය තුනයි සත විසි තුනක් (රු. 374,503.23) වැය කර තිබේ. සම්මන්ත්‍රණයක් සඳහා බව කියමින් තවත් රුපියල් දෙලක්ෂ තිස් දෙදහස් අටසිය අසූ දෙකයි සත නවයක් (රු. 232,882.09) වැය කර ඇත.
මේ ආකාරයට ජාත්‍යන්තර සහ දේශීය වශයෙන් සාමූහයක් වෙනුවෙන් දරන ලද වියදම් අඩු වී ජනාධිපති සහ ආරක්ෂක රාජ්‍ය ඇමති යන දෙදෙනා වෙනුවෙන් පවත්වන ලද සංග්‍රහ වියදම් ඉතා ඉහළ මට්ටමක පවතින බව හෙළි වේ.

ජනාධිපතිගේ වේලකට ලක්ෂ 04ක් –