ලෝක මාධ්ය නිදහස පිළිබඳ ජාත්යන්තර සංවිධානනයේ (CPJ) නවතම දත්ත අනුව 1992-2025 කාලය තුළ ශ්රී ලංකාවේදී මාධ්යවේදීන් සහ මාධ්ය සේවකයන් 25 දෙනෙකු ඝාතනය කර තිබේ.
ශ්රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය සඳහා වූ මාධ්යවේදීහු (JDS) සංවිධනයේ නවතම දත්ත ලැයිස්තුවක් පෙන්වා දෙන්නේ 2004-2010 අතර කාලසීමාව තුළ පමණක් මාධ්යවේදීන් සහ මාධ්ය සේවකයන් 43 දෙනෙකු ඝාතනය කර හෝ අතුරුදන් කර ඇති බවයි.
2026 මාර්තු මාසයේ Ceylon Today නියෝජ්ය කර්තෘ සුලෝචනා රාමයියා මෝහන් මහත්මියට කරාපිටිය රෝහලේදී සිදු වූ බාධා කිරීම්, අප්රේල් මාසයේ CID ය මගින් X ගිණුම් තොරතුරු ඉල්ලීම සහ ජූලි මාසයේ ලහිරු දොළොස්වලට සිදු වූ හිරිහැර වැනි සිදුවීම් කිහිපයක් වාර්තා වී ඇති බව මෙහි දැක්වේ.
ලසන්ත වික්රමතුංග සහ ප්රගීත් එක්නැලිගොඩ වැනි ප්රධාන නඩුවල යුක්තිය ඉටුවීම තවමත් ප්රමාද වෙමින් පවතින බවද මෙම දත්ත සටහන පවසයි.
ලංකාවේ මාධ්යවේදීන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ වෘතීය ගරුත්වය ආරක්ෂා කර මරණයට පත් වු තම මාධ්ය සඟයන්ට යුක්තිය ඉටු කරන අතරේ 3000 කට ආසන්න වු මාධ්ය සඟයන්ට නිසි තැන ලබා දෙන ලෙසයි.

