රටම මවිත කරන ආහාර දත්ත අර්බුදයක්!
රනිල ආහාර සියයට 87 ක් පිට රටින්!
මාළු සහ කිරි දත්තවල බරපතළ පරස්පරයක්!
රටේ ආහාර සම්බන්ධයෙන් කටයුතු කරන රාජ්ය ආයතනවල දත්ත සටහන්වල ඇති පරස්පරය නිසා ජනතාවගේ කුස ගින්න බරපතල වී ඇති බව ජනලේඛන හා සංඛ්යා ලේඛන දෙපාර්තමේන්තුවේ (DCS) නවතම සටහනක දැක්වේ.
මෙම දත්තවලට අනුව, දේශීය රනිල බෝග (පියලි සහ පරිප්පු) නිෂ්පාදනය ටොන් 37,000ක් වන අතර වාර්ෂික ආනයනය ටොන් 192,000කි.
ඒ අනුව රටේ රනිල ආහාර අවශ්යතාවයෙන් සියයට 87 ක්ම ආනයනය කෙරෙන අතර, එය දේශීය නිෂ්පාදනය මෙන් 5.18 ගුණයක අති විශාල අගයකි.
එසේම 2026 මේ වන විට එළවළු නිෂ්පාදනය ටොන් මිලියන 2.05ක් සහ පලතුරු ටොන් මිලියන 1.18ක් ලෙස සටහන් වුවද, ඒවා සැබෑ පුද්ගල පරිභෝජනය නොව වෙළඳපොළට ආ සැපයුම් අගයන් පමණි.
වඩාත්ම කැපී පෙනෙන පරස්පරය මත්ස්ය හා කිරි දත්තවලින් මතුවේ. ධීවර අමාත්යාංශය වාර්ෂික මත්ස්ය නිෂ්පාදනය ටොන් 410,760ක් ලෙස දක්වමින් පුද්ගල පරිභෝජනය කිලෝග්රෑම් 13.5ක් ලෙස ගණන් බලද්දී, දත්ත සටහනේ කිලෝග්රෑම් 22ක් ලෙස පෙන්වයි.
කුකුළු මස් නිෂ්පාදනය ටොන් 258,540ක් (පුද්ගල ලැබීම කිලෝග්රෑම් 11.8) සහ බිත්තර බිලියන 2.953ක් (පුද්ගල ලැබීම 137.72) ලෙස DAPH වාර්තා කරන අතර, 2025 කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 524.04ක් ලෙස දැක්වේ.
මේ අනුව රාජ්ය ආයතනවල මිනුම් ක්රමවේදවල පවතින මෙම ගැටලු නිරාකරණයට ඒකාබද්ධ විද්යාත්මක යාන්ත්රණයක අත්යවශ්යතාව මතු වී ඇති බවත් මේ අනුව ජනතාවගේ බඩ ගින්නේ වේදනාම දරුනු වී ඇති බවද දත්ත සටහනේ කරුණු පෙන්වා දෙති.

