2025 දී පැමිණිලි 12,650 ඉක්මවයි — 2026 නව ප්රහාර ගැනත් CERT අනතුරු අඟවයි!
රටේ මුදල් සහ දත්ත අනතුරේ! සයිබර් අඳුරු සෙවනැල්ල රටම වසා ගනී!
CERT ආයතනයෙන් 2026 සඳහා හදිසි අවධානම් නිවේදනයක්!
රටේ සයිබර් අපරාධ හා සමාජ මාධ්ය අවභාවිතය පිළිබඳ පැමිණිලි 2025 වසරේදී 12,650 ඉක්මවා ගොස් ඇති අතර, 2026 වසරේදී ද නව සයිබර් ආරක්ෂක අවදානම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය (Sri Lanka CERT) 2026 ජනවාරි 1 දින නිකුත් කළ නිවේදනයට අනුව, 2025 වසරේ ලැබුණු පැමිණිලි අතර ව්යාජ සමාජ මාධ්ය ගිණුම්, අත්පත් කරගත් ගිණුම්, මූල්ය වංචා, අන්තර්ජාල හිංසනය සහ අසත්ය තොරතුරු ප්රචාරය කිරීම ප්රධාන ගැටලු අතර වේ.
එසේම, ශ්රී ලංකාවේ ජාතික සයිබර් ආරක්ෂක උපාය මාර්ගය 2025–2029 ලේඛනයේ දැක්වෙන්නේ 2024 වසරේ දී සමාජ මාධ්ය හා සයිබර් ආරක්ෂක සිදුවීම් 21,743ක් වාර්තා වූ බවයි. ඒ අතර මූල්ය වංචා 2,241ක් ද ඇතුළත්ය.
2026 වසරේදී WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්රහාර සහ මෘදුකාංගවල ආරක්ෂක දුර්වලතා පිළිබඳව ද CERT ආයතනය අනතුරු අඟවා තිබේ.
සයිබර් වංචාවකට හසු වූ විට හෝ සැක සහිත ක්රියාකාරකමක් හඳුනාගත් විට ශ්රී ලංකා CERT හි 101 හදිසි ඇමතුම් අංකය ඔස්සේ සහාය ලබාගත හැකිය.

