රටම ණය උගුලක! රටේ ජනතාවගෙන් තුනෙන් දෙකක් දිළිඳු වෙයි!

රටේ ජනතාව ලක්ෂ 147  දුප්පත්!

ණය වර්ග 7කින් ජනතාව අන්ත අසරණයි!

මෙරට සමස්ත ජනගහනයෙන් තුනෙන් දෙකක (2/3ක) පිරිසක් අන්ත දිළිඳු භාවයට පත්ව ඇති බව ලෝක බැංකු දත්ත මගින් අනාවරණය වී තිබේ. ලංකාවේ ලක්ෂ 220 ක් වන සමස්ත ජනගහනයෙන් තුනෙන් දෙකක පිරිසක්, එනම් ලක්ෂ 147 කට ආසන්න ජනතාවක් මේ වන විට දිළිඳු භාවයට පත්ව සිටිති. රටේ ජනතාවගෙන් සියයට 90 කට අධික පිරිසක් බරපතල ණය උගුලක හිර වී ඇති බව ද දත්ත සටහන කියයි.

රජයේ සේවකයන් ඇතුළු සේවයේ නියුතු පිරිස් ලබාගෙන ඇති පෞද්ගලික ණයවල මුළු වටිනාකම රුපියල් ට්‍රිලියන 2.67 කි. (රුපියල් කෝටි 267,000ක් ).ගෙවුණු කාලය තුළ එය සියයට 20 කින් ඉහළ ගොස් තිබේ.

මූල්‍ය ආයතනවලින් ලබා දෙන සමස්ත ණය ප්‍රමාණයෙන් සියයට 63.8 ක් වාහන සඳහා ලබාගත් ඒවා වන අතර, මෝටර් රථ හා යතුරුපැදි මත පනවා ඇති අසාමාන්‍ය බදු හේතුවෙන් තරුණයින්ට තම මුළු තරුණ කාලයම ගෙවී යන්නේ ලීසිං ණය සහ පොලී ගෙවීමටය.

බැංකු පද්ධතිය තුළ ක්‍රෙඩිට් කාඩ් ණය ප්‍රමාණය රුපියල් බිලියන 206.6ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එහි පොලී අනුපාතය සියයට 28 ත්  සියයට 32 ත් අතර අගයක පවතින බවද දත්ත සටහනේ දැක්වේ.

බැංකු ක්‍රමයෙන් බැහැර වූ ග්‍රාමීය ජනතාව දෛනික හා සතිපතා ණය ලබා ගැනීම් සියයට  40 ත්  සියයට 50 ත් වැඩි වී ඇති අතර ඔන්ලයින් ණය මාෆියාව තුළින් ජනතාව පිඩීවට පත්ව සිටින බව ද දත්ත සටහනේ දැක්වේ.

පහුගිය මාස 6 තුළ පමණක් රුපියල් බිලියන 211.9ක රං භාණ්ඩ ප්‍රමාණයක් උගස් කර ඇති අතර එය සියයට 49.2ක දැවැන්ත වැඩිවීමකි.

Share.
Leave A Reply