ලක්ෂ 3කට ආසන්න පිරිසකට පානීය ජලය නැත!

දිස්ත්‍රික්ක 10කට ගංවතුර සහ නායයෑමේ රතු නිවේදන!

පුද්ගලයින් 1,600කට වැඩි පිරිසක් අසරණ වෙති!

දිවයින පුරා පවතින එල් නිනෝ (El Niño) තත්ත්වය සහ පවතින අයහපත් කාලගුණික බලපෑම හේතුවෙන් මුළු රටම දැඩි ආපදා තත්ත්වයකට මුහුණ දී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) නිකුත් කළ නවතම සංඛ්‍යා දත්ත වාර්තා පෙන්වා දෙයි.  

ලක්ෂ 3කට ආසන්න පිරිසක් දැඩි ජල හිඟයක එල් නිනෝ බලපෑම හේතුවෙන් දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 39ක පවුල් 51,959කට අයත් පුද්ගලයින් 1,69,071 දෙනෙකු දැඩි පීඩාවට පත්ව ඇත.

මීට අමතරව රට පුරා වියළි කාලගුණයෙන් පීඩාවට පත් පවුල් 49,883ක පුද්ගලයින් 1,64,763 දෙනෙකු වෙනුවෙන් පානීය ජලය බෙදා හැරීමට බලධාරීන්ට සිදුව තිබේ.  

මහ වැසි, නායයෑම් සහ ගංවතුර නිසා 1,600කට වැඩි පිරිසක් අසරණයි!

බෙංගාල බොක්කේ ඇතිවූ අඩු පීඩන කලාපය හේතුවෙන් ඇදහැලෙන තද වැසි සහ තද සුළං නිසා දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 41ක පවුල් 458කට අයත් පුද්ගලයින් 1,616 දෙනෙකු ආපදාවට ලක්ව සිටිති.  

මරණ සහ අතුරුදහන්වීම්: කෑගල්ලෙන් එක් මරණයක් සහ තවත් අයෙකු අතුරුදහන් වීමක් වාර්තා වේ.   නිවාස හානි: අර්ධ නිවාස හානි 88ක් සිදුව ඇත.   ආරක්ෂිත ස්ථාන: පවුල් 26කට අයත් පුද්ගලයින් 94 දෙනෙකු අවතැන් කඳවුරු (සුරක්ෂිත මධ්‍යස්ථාන) 03ක ලැගුම් ගෙන සිටිති.  

නායයෑම් හා ගංවතුර අනතුරු ඇඟවීම්රත්නපුර, කෑගල්ල, කළුතර, මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර, කුරුණෑගල, ගම්පහ සහ කොළඹ යන දිස්ත්‍රික්ක සඳහා නායයෑමේ විමසිලිමත් සහ ඉවත් වීමේ (රතු) නිවේදන නිකුත් කර ඇත.

ගින් ගඟ සහ කළු ගඟ (කුඩා ගඟ උප ද්‍රෝණිය) ආශ්‍රිතව ඇම්බර් වර්ණයෙන් යුතු ගංවතුර පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.  

ප්‍රවාහන හා ජලාශ තත්ත්වයදුම්රිය ගමනා ගමනය තතත්තවය මෙසේ ය.‍

උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට නානුඔය දක්වා සහ මහනුවර සිට මාතලේ දක්වා දුම්රිය ධාවනය සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇත.  

ජලාශ වාන් දොරටු: පොල්පිටිය (වාන් දොරටු 01), පොල්ගොල්ල (වාන් දොරටු 03) සහ කුකුළේ ගඟ (වාන් දොරටු 01) ආශ්‍රිතව වාන් දොරටු විවෘත කර තිබේ.  

තද වැසි සහ පැයට කිලෝමීටර් 40-50 දක්වා හමන තද සුළං තවදුරටත් අපේක්ෂා කරන බැවින්, ජනතාවට දැඩි අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

Share.
Leave A Reply