පරිසර අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් වත්තල පමුණුගම සහ දික්ඕවිට ප්‍රදේශවල විශේෂ නිරීක්ෂණ චාරිකාවක් සිදුකෙරිණි. එහිදී අනාවරණ වූ විශේෂ කරුණු කිහිපයක් මෙන්න:

වහටියගොඩ ගේබියන් වැටිය තාවකාලිකව නතර කෙරේ!

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව නියම කළ සීමාවන් ඉක්මවා, වෙරළට අයත් ප්‍රදේශද ආවරණය වන පරිදි ඉදිකර ඇති ගේබියන් වැටියේ ඉදිකිරීම් කටයුතු නැවත දැනුම් දෙන තුරු වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා දමන ලෙස අමාත්‍යවරයා උපදෙස් දෙයි. මීට අනුමැතිය දුන් ආකාරය සහ නිලධාරීන්ගේ වගකීම් පිළිබඳවද විධිමත් පරීක්ෂණයක් ඇරඹේ.

දික්ඕවිට තල්දියවත්තෙන් උණුසුම් පුවතක්!

සක්‍රීය මෝසම් තත්ත්වය සහ මුහුදු රළ ප්‍රබල වීම හේතුවෙන් දික්ඕවිට තල්දියවත්ත ප්‍රදේශයේ මුහුදු ජලය ගොඩබිමට පැමිණීමෙන් හානියට පත් නිවසක් අමාත්‍යවරයාගේ විශේෂ නිරීක්ෂණයට ලක්විය. ප්‍රදේශවාසීන්ගේ ජීවිත හා දේපළ ආරක්ෂා කර ගැනීම සඳහා කඩිනම් සහ දිගුකාලීන තාක්ෂණික විසඳුම් ලබා දීමට මෙහිදී නියෝග කෙරිණි.

ජනතාවගේ ආරක්ෂාව සහ වෙරළ පරිසර පද්ධතියේ සංරක්ෂණය තහවුරු කිරීම රජයේ ප්‍රමුඛතාවයයි!

Share.
Leave A Reply