පාරිභෝගික ආරක්ෂණ නීති හා විධාන උල්ලංඝනය කරමින් කල් ඉකුත් වූ පාන වර්ග අලෙවිය සඳහා ප්‍රදර්ශනය කර තිබූ Arpico Super වෙළෙඳසැල් දෙකකට (කොට්ටාව සහ හෝමාගම ශාඛා) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 125,000ක සමස්ත දඩ මුදලක් නියම කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් සිදුකරන ලද වැටලීම්වලදී මෙම අක්‍රමිකතා අනාවරණය වී ඇත.

නඩු විස්තර සහ නියම වූ දඩ මුදල්:

Arpico Super – කොට්ටාව: කල් ඉකුත් වූ (2026.05.09) මිලිලීටර් 200 නිල් කටරොළු බීම බෝතල් අලෙවිය සඳහා තබා තිබීම.

දඩ මුදල: රු. 75,000/-

Arpico Super Center – හෝමාගම (අවිස්සාවේල්ල පාර): පාරිභෝගිකයා නොමඟ යවන අයුරින් කල් ඉකුත් වූ (2026.04.12) ලීටර් 1 සිසිල් බීම ඇසුරුම් ප්‍රදර්ශනය කිරීම.

දඩ මුදල: රු. 50,000/-

2026 සැප්තැම්බර් 10 වන දින අධිකරණය හමුවේ චෝදනාවලට විත්තිකාර සමාගම වරද පිළිගැනීමෙන් අනතුරුව මෙම දඩ මුදල් නියම කෙරිණි.

පාරිභෝගික ඔබගේ අවධානයට!

සුපිරි වෙළෙඳසැල්වලින් භාණ්ඩ මිලදී ගැනීමේදී පවා නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වීමේ දිනය (EXP) පරීක්ෂා කිරීමට අමතක නොකරන්න. මෙවැනි අක්‍රමිකතාවයක් දුටුවහොත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ 1977 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ දැනුම් දෙන්න.

Share.
Leave A Reply