බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති ආයතන 25ක බරපතල පුරප්පාඩු 1500ක් පවතින බව විෂයභාර ඇමැති ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පවසයි. මුරකරුවන් හා සහායකයන් 500 දෙනෙකු සඳහා අයදුම්පත් 17,000ක් ලැබී ඇති අතර, මෙම සියලු පුරප්පාඩු කඩිනමින් විධිමත්ව පිරවීමට පියවර ගන්නා බවද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

