ශ්‍රී ලංකාවට පැමිණ වසර 200ක් ගතවී තිබුණද ස්ථිර ලිපිනයක් නොමැතිකමින් දැඩි අසහනයට පත්ව සිටි මලයගම් (වතුකරයේ) ජනතාවට නව ලිපිනයන් හඳුන්වා දීමට පියවර ගෙන ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් ඇමැති සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.
වතු අයිතිකරුවන්ගේ හෝ ලයිම් කාමරවල නමට ලිපි යොමුවීම නිසා ලිපි ලේඛන අහිමිවීම ඇතුළු බරපතල ප්‍රායෝගික ගැටලු රැසකට මුහුණ දුන් මෙම ජනතාව මුහුණ දෙන ප්‍රධාන අර්බුද මෙසේය.
ලංකාවේ ඉන්දියානු දෙමළ/මලයගම් දෙමළ ජනගහනය ලක්ෂ 10 කට ආසන්නය. මින් වතු ක්ෂේත්රයේ සමස්ත ජනගහනය ලක්ෂ 8කට ආසන්න වේ. නුවරඑළිය වතුකර ජනගහනයෙන් 50%කට ආසන්න වැඩිම පිරිසක් වෙසෙති.මහනුවර හා මාතලේ මධ්‍යම පළාතේ ලක්ෂ 4.8කට අධික සංඛ්‍යාවක් වෙසෙති.බදුල්ල හා මොනරාගල: ඌව පළාතේ ලක්ෂ 1.5කට වැඩි පිරිසක් නියෝජනය කරයි.රත්නපුර හා කෑගල්ල: සබරගමුව පළාතේ ලක්ෂයකට අධික පිරිසක් වෙසෙති.
මලයගම් ජනතාව මුහුණ දෙන ප්‍රධාන ප්රශ්නනෛතික හා පරිපාලන බාධා රැසකි.
ස්ථිර ලිපිනයක් නැතිකමින් හැඳුනුම්පත්, විදේශගමන් බලපත්‍ර, බැංකු ගිණුම් ඇතුළු නිල ලේඛන ලබාගැනීමේදී දැඩි අපහසුතාවන්ට ලක්වීම.ජල හා සනීපාරක්ෂක ගැටලු: ලයින් කාමර පද්ධති තුළ ජීවත්වන බැවින් ආරක්ෂිත පානීය ජලය හා ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් නොමැතිවීම.
පරම්පරා ගණනාවක් ජීවත් වුවද තමන් පදිංචි ඉඩමේ නීත්‍යනුකූල ඔප්පුවක් හෝ අයිතියක් නොමැතිවීම ද ප්‍රශ්න රැසකි.
තව ද ග්‍රාමීය හා නාගරික ක්ෂේත්රයන්ට සාපේක්ෂව වතුකරයේ පාසල්වල යටිතල පහසුකම් සහ සෞඛ්‍ය ප්රමිතීන් පහළ මට්ටමක පැවතීම.ඓතිහාසික වශයෙන් මෙරට ආර්ථිකයට විශාල ශ්‍රම දායකත්වයක් සපයන මලයගම් ජනතාවගේ මූලික මානව අයිතිවාසිකමක් වන ‘තමන්ගේම ලිපිනයක් පැවතීමේ අයිතිය’ තහවුරු කිරීම තුළින් ඔවුන් මෙතෙක් මුහුණ දුන් පරිපාලනමය ගැටලු රැසකට විසඳුම් ඉදරියේ දී ලැබෙනු ඇති බව ද ඇමතිවරයා කීය.

