ගල් අඟුරු සභාපතිගේ හඬ පටයක් සමාජ මාධ්‍ය දෙවනත් කරයි!

කුමන්ත්‍රණයක්ද? විකෘති කිරීමක්ද? ජනපති අවධානයටත් යොමු වෙයි!

ගල් අඟුරු ටෙන්ඩරයට මඩ ගැසීමේ දැවැන්ත මෙහෙයුමක්!

සභාපති ජයන්ත රතනායකගෙන් විශේෂ අනාවරණයක්!

සමාජ මාධ්‍ය කැළඹූ හඬ පටය ගැන ගල් අඟුරු සමාගම නිහඬතාව බිඳියි!

විකෘති කළ හඬ පටවලට රැවටෙන්න එපා – සභාපති ජයන්ත රතනායක කියයි!

ලංකා ගල් අඟුරු සමාගමේ සභාපතිවරයා සහ ගල් අඟුරු සැපයුම්කාර සමාගමක මෙරට නියෝජිතයකු අතර සිදුවූ බව කියන දුරකතන සංවාදයක් ඇතුළත් හඬ පටයක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැඩි කතාබහට ලක්වෙමින් පවතින අතර, එය කිසියම් පිරිසක් විසින් විකෘති කරන ලද්දක් බව එම සමාගමේ සභාපති ජයන්ත රතනායක මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පෙන්වා දෙන්නේ පසුගිය මාර්තු 25 වන දින තමන් සහ සමාගමේ සාමාන්‍යාධිකාරීවරයා අතර සිදු වූ මෙම සංවාදය, විවිධ අර්ථ ගැන්වෙන පරිදි විකෘති කොට ප්‍රචාරය කරන බවයි.

හදිසි ගල් අඟුරු සැපයුම සඳහා කැබිනට් අනුමැතිය සහිතව, නිසි ටෙන්ඩර් පටිපාටියකට අනුව කොන්ත්‍රාත්තුව ප්‍රදානය කළ සමාගමෙන් අදාළ බැංකු කාර්යය සාධන ඇපකරය (Performance Guarantee) ලබාගැනීම සම්බන්ධයෙන් එම සංවාදයේදී සාකච්ඡා වූ බව සභාපතිවරයා සඳහන් කරයි.

ප්‍රසම්පාදන ක්‍රමවේදය අකුරටම අනුගමනය කරමින් මෙම ක්‍රියාවලිය සාර්ථකව සිදු වන බැවින්, මෙවැනි නොමඟ යවන සුළු ප්‍රචාරයන්ට හසු නොවන ලෙස ලංකා ගල් අඟුරු සමාගම මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා මෙසේ කීය.

මාර්තු 25 වන දින අදාළ බැංකු ඇපකරය ලබාදෙන ලෙස කළ නිසි දැනුම්දීම මෙලෙස විකෘති කර ඇත.හදිසි ගල් අඟුරු සැපයුම සඳහා වන ටෙන්ඩර් ක්‍රියාවලිය විනිවිදභාවයකින් යුතුව සිදු වෙමින් පවතී.කිසියම් කණ්ඩායමක් මෙම තොරතුරු හිතාමතාම සමාජ මාධ්‍ය හරහා වැරදි ලෙස ප්‍රචාරය කරන බව වාර්තා වේ.

Share.
Leave A Reply