මත්පැන් ගඳ වසන්න ‘රූපලාවන්‍ය නිෂ්පාදන’ බීපු සිසුවකු අසාධ්‍යව රෝහලට!
පාසල් සිසුන් පිරිසක් මත්පැන් බොද්දී කොටු වෙයි: එක් අයෙක් අසාධ්‍යයි.
හල්දුම්මුල්ල ප්‍රදේශයේ ප්‍රමුඛ පෙළේ පාසලක 16 හැවිරිදි සිසුන් පිරිසක් පාසල් වේලාව තුළ මත්පැන් පානය කරමින් සිටියදී (10) දින අත්අඩංගුවට ගත් බව හල්දුම්මුල්ල පොලිසිය පවසයි.
මත්පැන් පානය කිරීමෙන් පසු එහි ගඳ වසන් කිරීම සඳහා රූපලාවන්‍ය නිෂ්පාදනයක් (Cosmetic product) පානය කළ එක් සිසුවෙකු බරපතළ ලෙස රෝගාතුර වී ඇති අතර ඔහු හල්දුම්මුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා දියතලාව මූලික රෝහල වෙත මාරු කර යවා තිබේ.
අත්අඩංගුවට ගත් සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන් මෙන්ම විදුහල්පතිවරයා ද පොලිසිය හමුවට කැඳවා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විනය හා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.
හල්දුම්මුල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ඉඳුනිල් රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

