අනතුරුදායක රියදුරන් කොටු කරන්න පොලීසියෙන් අලුත් WhatsApp අංකයක්!

යාලුවන්ට කියන්න ශෙයා කරන්න ආදරෙයි.ජීවිතයක්,පුවලක්,සුන්දර කැදැල්ලක් බේරා ගන්නට අලුත් අවුරුදදේ සුභ නැකතට මේ වැඩය කරමු.

මාර් ග යේ අපරීක්ෂාකාරී ලෙස රිය පදවන පුද්ගලයින් පිළිබඳව සාක්ෂි සහිතව පැමිණිලි කිරීමට දැන් මහජනතාවට අවස්ථාව සලසා දී ඇත. පොලිස් මූලස්ථානය විසින් ඒ සඳහා විශේෂ WhatsApp අංකයක් හඳුන්වා දී තිබේ.

📲 තොරතුරු යොමු කළ යුතු අංකය:

070 4755 600

අනුගමනය කළ යුතු උපදෙස්:

අන්තරාදායක රිය ධාවනය ඇතුළත් වීඩියෝ දර්ශන පමණක් යොමු කරන්න.

වීඩියෝව සමඟ දිනය, නිශ්චිත ස්ථානය සහ පොලිස් වසම සඳහන් කිරීම අනිවාර්ය වේ.

විශේෂත්වය: මෙම සේවාව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ පැය 24 පුරාම ක්‍රියාත්මක වේ.

මා ර් ග විනය රකින බුද්ධිමත් පුරවැසියෙකු ලෙස, අන්තරාදායක රියදුරන් පිළිබඳ තොරතුරු ලබාදී මා ර් ග  අනතුරු අවම කිරීමට ඔබත් සහාය වන්න!

Share.
Leave A Reply