යූරියා ටොන් 25,000ක නැවක් එයි; රු. 17,000 පොහොර මිටිය 10,200ට

රට තුළ කිසිදු පොහොර හිඟයක් නොමැති බවත්, අවශ්‍ය ප්‍රමාණයට වඩා පොහොර තොග මේ වන විට ගබඩා කර ඇති බවත් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

පොහොර සම්බන්ධයෙන් පවතින සැබෑ තත්ත්වය නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ රටටම ප්‍රකාශ කළේ ය.

යූරියා: අලුතින් ගොඩබෑ ටොන් 25,000 ක තොගයක් බෙදාහැරීම ආරම්භ කර බවත්, MOP පොහොර අවශ්‍යතාව ටොන් 13,000ක් වුවත්, මේ වන විට ටොන් 38,000 ක් ගඹඩාවල පවතින බවද ඔහු කීය.

රුපියල් 17,000ක් වන පොහොර මිටියක මිල රුපියල් 10,200 දක්වා අඩු කර ඇති බවද ඔහු කීය.

හෙක්ටයාර දෙකකට රුපියල් 30,000ක්ව පැවති සහනාධාරය රුපියල් 60,000 දක්වා දෙගුණ කර ඇති බවත් ඔහු සඳහන් කළේ ය.

ලෝක වෙළඳපොළේ මිල ගණන් ඉහළ ගියද, එහි බර ගොවියාට නොදී රජය උපරිම සහනයක් ලබාදීමට කටයුතු කරන බව මොරගොල්ලගමදී අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් ඇමති වරයා කියා සිටියේය.

Share.
Leave A Reply