ලොකු පුටු හිස්.. බෙහෙත් පෙතිත් නැත! – නිදහස් සෞඛ්‍යයේ අවසානය මෙතැනද?

දූෂිතයන් රකිමින් සෞඛ්‍ය පද්ධතිය මරණ මංචකයට දක්කන හැටි විශේෂඥ වෛද්‍යවරු හෙළිකරති!

නිසි පාලනයක් නැත: රෝහල් පද්ධතිය අගාධයට!

සෞඛ්‍ය සේවය මරණ මංචකයේ: විගණන වාර්තා අගුලු දමා අමාත්‍යාංශය නිහඬව සිටින හැටි විශේෂඥ වෛද්‍යවරු හෙළිකරති!

සෞඛ්‍ය පරිපාලනය අගාධයක: විගණන වාර්තා ගැන අමාත්‍යාංශය නිහඬයි!

– විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

නිසි පරිපාලනයක් නොමැති වීම සහ දූෂණ වංචා සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති විගණකාධිපති වාර්තා පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම හේතුවෙන් මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව බරපතළ අනතුරකට ලක්ව ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ඒ මහතා පෙන්වා දුන්නේ, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුව ඇති මහා පරිමාණ දූෂණ සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා කරුණු අනාවරණය කර තිබුණද, ඒවා සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කිරීමට බලධාරීන් අපොහොසත් වී ඇති බවයි.

රෝහල් පද්ධතිය තුළ පවතින වත්මන් අර්බුදය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍යවරයා මෙසේද සඳහන් කළේය.

“අද වන විට කොළඹ ජාතික රෝහල ඇතුළු ප්‍රධාන රෝහල් රැසක අධ්‍යක්ෂ ධූර පුරප්පාඩුව පවතිනවා. වෛද්‍ය සැපයුම් ඒකකය සහ රාජ්‍ය ඖෂධ සංස්ථාව වැනි ආයතනවල පරිපාලනය අතිශය දුර්වලයි. මෙහි සෘජු ප්‍රතිඵලය වී ඇත්තේ පිළිකා ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ වර්ග සහ රසායනාගාර ද්‍රව්‍යවල දැඩි හිඟයක් නිර්මාණය වීමයි.”

වෛද්‍යවරුන් විශ්‍රාම යාම සහ විෂම ලෙස මානව සම්පත් බෙදී යාම නිසා ඉදිරියේදී රෝහල් සේවා පවත්වාගෙන යාම තවදුරටත් අසීරු වනු ඇති බවත්, මේ සම්බන්ධයෙන් රජය වහා මැදිහත් නොවන්නේ නම් සමස්ත සෞඛ්‍ය පද්ධතියම කඩා වැටීම වැළැක්විය නොහැකි බවත් ඒ මහතා අවධාරණය කළේය.

Share.
Leave A Reply