ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රමිතිය ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීම සඳහා නව “අධ්‍යාපන සභාවක්” පිහිටුවීමට රජය තීරණය කර ඇත. අග්‍රාමාත්‍යවරියගේ උපදෙස් මත ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ යටතේ ගුරු වෘත්තිකයන් සහතික කිරීම, ආයතන ප්‍රතීතනය සහ අධ්‍යාපන තත්ත්ව පාලනය දැඩි නියාමනයකට ලක් කෙරේ.
මේ සම්බන්ධ විශේෂ කමිටු වාර්තාව දැන් moe.gov.lk වෙබ් අඩවියට මුදා හැර ඇති අතර, ඒ පිළිබඳ මහජන අදහස් විමසීම දැන් ආරම්භ කර ඇත.
අවසන් දිනය: 2026 මැයි 12
යොමු කළ හැකි ක්‍රම:
ඊමේල්: teacherest@gov.lk
තැපෑල: අතිරේක ලේකම් (ආයතන), අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල.
ෆැක්ස්: 0112784819
ඔබේ දරුවාගේ සහ රටේ අනාගත අධ්‍යාපන ප්‍රතිපත්තිය තීරණය කිරීමට ලැබෙන මෙම අවස්ථාව මග හැර නොගන්න!

