ආණ්ඩුවේ පැවැත්ම තීරණය කරන හෝරාව: විපක්ෂයේ ‘බලශක්ති බෝම්බය’ අද සභාගැබට!
කුමාර ජයකොඩිගේ අමාත්‍ය ධුරය අවදානමේ! රටම බලා සිටින පාර්ලිමේන්තු සටන මෙන්න.
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව අද (10) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි.
බලශක්ති කළමනාකරණය සම්බන්ධයෙන් ව්‍යවස්ථාවෙන් පැවරී ඇති වගකීම් සහ බලතල පැහැර හැරීම.
සමගි ජනබලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය විසින් පසුගියදා කථානායකවරයා වෙත මෙම යෝජනාව භාර දෙන ලදී.
විවාදය අවසානයේ පැවැත්වීමට නියමිත ඡන්ද විමසීම රජයේ ඉදිරි ගමනට තීරණාත්මක බලපෑමක් එල්ල කරනු ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති.
අමාත්‍යවරයාගේ පරිපාලන දුර්වලතා මුල් කරගනිමින් විපක්ෂය ගෙන ආ මෙම යෝජනාව හේතුවෙන් අද දිනයේ පාර්ලිමේන්තු සංකීර්ණය තුළ උණුසුම්කාරී වාතාවරණයක් අපේක්ෂා කෙරේ.
දියවන්නා පාර්ලීමේන්තු මාධ්‍ය මැදිරියේ සිට ……

