අස්වැසුමසුබසාධන වැඩසටහන යටතේ ලියාපදිංචි සියලු අඩු ආදායම්ලාභී පවුල් සඳහා මෙම මාසයේදී අමතර විශේෂ මූල්‍ය දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ. රජයේ නව ආර්ථික සහන පැකේජය ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේය.

මෙම දීමනාව ලබාදීමේදී පවුලේ සාමාජික සංඛ්‍යාව සැලකිල්ලට නොගන්නා අතර, අදාළ ප්‍රතිලාභී කාණ්ඩ අනුව ගෙවීම් සිදු කෙරේ:

අන්ත දිළිඳු කාණ්ඩය: රුපියල් 7,500 කි.

දුප්පත් කාණ්ඩය: රුපියල් 5,000 කි.

සංක්‍රාන්තික කාණ්ඩය: රුපියල් 2,500 කි.

වත්මන් ආර්ථික පීඩනය හමුවේ ජනතාවට සහන සැලසීම මෙම වැඩපිළිවෙළේ මූලික අරමුණ බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.  

Share.
Leave A Reply