ගෑස් සිලින්ඩරය කටුගෙට! – NPP ආණ්ඩුව යටතේ හෙළ කුස්සිය ‘ඩවුන්ග්‍රේඩ්’ වෙයි: රට පෙරට යන්නේ කුඩු ලිපටද?
අළු සම්පතයි – කුඩු සම්පතයි පමණක් ඉතිරි වූ යථාර්ථය! – මඟුල් බෙර මැද කුඩු ලිප පත්තු කරන අමුතු රටක්!
IMF රිසිපියෙන් කුස්සිය හමාරයි! – එක මිටට කුඩු ලිපට යන ‘රට පෙරට’ ගමන මෙන්න!”
ලක්ෂරි එකක් වූ ගෑස් උදුන: පවුල් තුනක් එකතු වී එක වේලක් කන යුගය ඇරඹෙයි – සංජීව ධම්මිකගෙන් ආණ්ඩුවට මරණ සහතිකයක්!
ගෑස් සිලින්ඩරය කටුගෙට – “රට පෙරට, කුඩු ලිපට” විදුලි පාරිභෝගිකයන්ගෙන් ආණ්ඩුවට දැඩි විවේචනයක්
වර්තමාන රජයේ බලශක්ති සහ ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් සාමාන්‍ය ජනතාවට ගෑස් භාවිතය අතහැර නැවතත් “කුඩු ලිප” (දර කුඩු ලිප) භාවිතා කිරීමට සිදුව ඇති බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා පවසයි.
අද කොළඹදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ඒ මහතා අවධාරණය කළේ, රජය ජනතාවට ලබාදුන් පොරොන්දු කඩ කරමින් ජීවන වියදම දරාගත නොහැකි මට්ටමට ඉහළ දමා ඇති බවයි.
“ගෑස් දැන් ලක්ෂරි එකක්” මෙන්න. NPP රජය බලයට පත්වීමට පෙර ගෑස් මිල පිළිබඳව සුභවාදී බලාපොරොත්තු ලබාදුන්නද, අද වන විට ගෑස් සිලින්ඩරය සාමාන්‍ය ජනතාවට අතපත ගෑමට නොහැකි “සුඛෝපභෝගී” භාණ්ඩයක් බවට පත්ව ඇති බව ඔහු ද පැවසීය.
අපි ආවේ නවීන තාක්ෂණයක් හඳුන්වා දෙන්න නෙමෙයි, රටේ ජනතාව මුහුණ දෙන අමිහිරි යථාර්ථය පෙන්වන්න. ගෑස් සිලින්ඩරය දැන් කටුගෙට යැවිය යුතු තත්ත්වයට පත්වෙලා. කුස්සිය අද සම්පූර්ණයෙන්ම කඩා වැටිලා (Down-graded).” යැයි ධම්මික මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.
කුඩු ලිපට මඟුල් බෙර! රබන් සුරල් හඩ මැද කෝකිළ කූජනයෙන් රටම කුඩුවෙන බව ද ඔහු කීය.
රජයේ “රට පෙරට” සටන් පාඨය උපහාසයට ලක් කරමින් සංජීව ධම්මික මහතා පවසා සිටියේ, “රට පෙරට යන්නේ කුඩු ලිප දෙසට” බවයි. ජනතාවට ගින්දර ලබා දෙනවා වෙනුවට අඩු ආදායම්ලාභී පවුල් සඳහා රජය මැදිහත් වී සහනදායී පිසීමේ ක්‍රමවේදයක් (Economy Cooking System) හඳුන්වා දිය යුතු බවද ඔහු අවධාරණය කළේය.
IMF රිසිපි එක සහ අළු සම්පත මෙන්න යැයි ද ඔහු කීය.
පවතින ආර්ථික අර්බුදය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසි මත ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයක් බවට ඔහු චෝදනා කළේ ය.
ආහාර හිඟය ඇතිවන බවද ඔහු කීය.
පවුල් කිහිපයක් එකතු වී ආහාර බෙදාගෙන (Share කරගෙන) අනුභව කළ යුතු තත්ත්වයක් උදාවෙමින් පවතින බව ද ඒුහ කීය.
පැරණි යුගයට පසුබැසීම: “දැන් අපිට ඉතිරි වෙලා තියෙන්නේ අළු සම්පතයි, කුඩු සම්පතයි විතරයි” යනුවෙන් ඔහු දැඩි කලකිරීමෙන් ප්‍රකාශ කළේ ය.
මෙම මාධ්‍ය හමුව සඳහා පවුල් විශාල පිරිසක් සහභාගී වී සිටි අතර, ඔවුන් සියලු දෙනා ඒකමතිකව කියා සිටියේ පවතින මිල පීඩනය හමුවේ තවදුරටත් ජීවත් වීම අසීරු බවයි.

