“මළගෙදරකට ආපු සාමාර්ථය: දිට්වා කුණාටුවට බිලිවූ අකුරම්බොඩ සිසුවියගේ අවසන් සටහන.”

“ප්‍රතිඵල එන්නට පෙර දිවිමගෙන් සමුගත් අම්බොක්කේසිංහල සූරිය. (RIP ඉමල්ෂි දියණිය)”

“මෙහෙමත් අවාසනාවක්! නායගිය නිවසේ පස් යට සැඟවුණු ඉමල්ෂිගේ සාමාර්ථය – ඇදුරු මඩුල්ලම කඳුළින්.”

ප්‍රතිඵල එන්නට පෙර දිවිමගෙන් සමුගත් අම්බොක්කේසිංහල සූරියඋසස් පෙළ සාර්ථය නිවසට එද්දී ඉමල්ෂි පවුල පිටින්ම නිදිපැදුරේ මිහිදන් වෙලා!

දෛවයේ සරදමක කඳුළු කතාවක් මාතලේ අම්බොක්ක ගම්මානයෙන් වාර්තා වේ. පසුගියදා ශ්‍රී ලංකාව හරහා හමාගිය දිට්වාසුළි කුණාටුවත් සමඟ ඇති වූ නායයෑමෙන් පවුලේ පිරිස සමඟ නිදිපැදුරේම අවසන් ගමන් ගිය පල්ලේපොළ අකුරම්බොඩ මධ්‍ය විදුහලේ ඉමල්ෂි උදේශිකා සිසුවිය, මෙවර උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා ඇති බව වාර්තා වේ.

මියයන විට ඇය 2025 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි අතර, ඇය පෙනී සිටි එකම විෂය වූ සිංහල විෂය සඳහා ‘A’ (විශිෂ්ට) සමාර්ථයක් හිමිව ඇති බව විද්‍යාලයීය ආරංචි මාර්ග තහවුරු කරයි.

අකුරම්බොඩ මධ්‍ය විදුහලේ ගුරු මඩුල්ල පවසන්නේ ඇය ඉතා දක්ෂ මෙන්ම විනයගරුක ශිෂ්‍යාවක වූ බවයි. විභාග ප්‍රතිඵල ලේඛනය පාසලට ලැබෙන විටත්, තම දියණිය ලැබූ මේ ජයග්‍රහණය දකින්නට ඇය හෝ ඇයගේ මව්පියන් ජීවතුන් අතර නොසිටීම මුළු ප්‍රදේශයම දැඩි සෝකයකට පත් කර තිබේ.

“ඇය සිංහල භාෂාවට තිබූ ඇල්ම සහ දක්ෂතාවය අද ප්‍රතිඵල පත්‍රය තුළ ලියැවී තිබුණත්, ඒ දෙස බලා සතුටු වන්නට අද ඒ නිවසේ කිසිවෙකුත් ඉතිරිව නැත.” යැයි ප්‍රදේශවාසීහු කඳුළු පිරුණු දෑසින්  අප සමඟ පැවසූහ.

ස්වභාවික විපතකින් මතු බලාපොරොත්තු සහගත ජීවිතයක් අකාලයේ නිවී ගියද, ඉමල්ෂි අකුරු කළ ශිල්පය ඇයගේ නාමය අම්බොක්ක ගම්මානයේත්, අකුරම්බොඩ විදුහලෙත් සදාකල් රැඳවීමට සමත්ව ඇත.

Share.
Leave A Reply