වර්තමාන ආණ්ඩුව ද IMF උගුලේ ඉත්තෙකු වී ඇති බැවින්, හුදෙක් පාලකයන් මාරු කිරීමෙන් රට මුහුණ දී ඇති අධිරාජ්‍යවාදී මර උගුලෙන් ගැලවිය නොහැකි බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් සේනාධීර ගුණතිලක සහෝදරයා ප්‍රකාශ කළේය.
ඔහු මේ බව කියා සිටියේ අද (05) පස්වරුවේ කොළඹ නව නගර ශාලාවේදී පැවැති “අධිරාජ්‍යවාදයට විනාශය – සමාජවාදයට විජයග්‍රහණය” තේමාව යටතේ සංවිධානය කර තිබූ 55 වැනි අප්‍රේල් විරු සැමරුම් උත්සවය අමතමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, 1971 අරගලයේ දේශපාලන වැදගත්කම සහ වත්මන් ලෝක දේශපාලන තත්ත්වය පිළිබඳව මෙසේ කරුණු ප්‍රකාශ කළේ ය.
71 අරගලය යනු රාජ්‍ය බලය අත්පත් කරගැනීම වෙනුවෙන් දියත් වූ සැබෑ විප්ලවවාදී උත්සාහයක් බවත්, වත්මන් ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය (“පැලවත්තේ ටිල්වින්ලා”) පතුරුවන “අවධි මගින් විප්ලවය කිරීමේ” න්‍යාය මාක්ස්වාදයට පටහැනි මෝඩ අදහසක් බවත් ඔහු සඳහන් කළේය.
ඇමරිකාව සමඟ ඇති ACSA වැනි මිලිටරි ගිවිසුම් සහ ඉන්දියාව සමඟ ඇති කරගත් බලශක්ති ගිවිසුම් හරහා ලංකාවේ ස්වෛරීභාවය සහ ආරක්ෂාව පාවා දී ඇති බවට ඔහු චෝදනා කළේය.
මැදපෙරදිග පවතින යුද්ධය සම්පත් කොල්ලකෑමේ අරමුණින් අධිරාජ්‍යවාදීන් දියත් කරන්නක් බවත්, එය ඉදිරියේදී ආසියාවට ව්‍යාප්ත වෙද්දී ලංකාවට එහි බරපතල ප්‍රතිවිපාක විඳීමට සිදුවන බවත් ඔහු අනතුරු ඇඟවීය.
මේ සියලු පීඩාවන්ගෙන් මිදීමට ඇති එකම විකල්පය වැඩකරන පන්තිය අතට බලය ලබාගන්නා “සමාජවාදය” පමණක් බවයි.
“එකම විකල්පය සමාජවාදයයි” – පෙරටුගාමී සමාජවාදී පක්ෂය 55 වැනි අප්‍රේල් විරු සමරුව පවත්වයි
71 අප්‍රේල් විරු සමරුව නිමිත්තෙන් කොළඹ නව නගර ශාලාවේදී අද පැවැති උත්සවයකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය අවධාරණය කළේ රටේ පවතින ආර්ථික හා දේශපාලන අර්බුදයට ඇති එකම විසඳුම සමාජවාදය බවයි.
මෙහිදී අදහස් දැක්වූ පක්ෂයේ සංවිධායක ලේකම් සේනාධීර ගුණතිලක මහතා සඳහන් කළේ, වත්මන් රජයද IMF සහ අධිරාජ්‍යවාදී බලවේගවල ඉත්තෙකු වී ඇති බවයි. ඇමරිකාව සහ ඉන්දියාව සමඟ ඇති කරගෙන තිබෙන මිලිටරි හා බලශක්ති ගිවිසුම් මගින් රටේ ආරක්ෂාව අනතුරේ හෙළා ඇති බවත්, මැදපෙරදිග යුද වියරුව ආසියාවට පැමිණීමට පෙර වැඩකරන පන්තිය අතට බලය ලබාගැනීමට ජනතාව ඒකරාශී විය යුතු බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

