සතියෙන් ලක්ෂ 500ක් හොයන හැටි? ලාල් කාන්තගේ සුපිරි නිවස සහ සින්දු පොතේ රහස හෙළිවේ!”
පැලක්ද? මාලිගාවක්ද? ඇමති ලාල්ගේ ලක්ෂ පහේ සින්දු ගෙදරට මුළු රටම හොල්මන් වෙයි!
ගඩොල් බිත්තිවලට වඩා ගීත වටිනා ඇමති නිවස: ලක්ෂ පහේ සිය දෙනා සහ ලාල් කාන්තගේ අපූරු මාලිගාව!
ලාල් කාන්තඇමතිගේ නිවසේ ගීත කතාව! පට්ට ආතල් හරි යෑ..බලන්න !
ලක්ෂ පහේ මාලිගාව සහ හීන හතේ ඉස්තෝප්පුව….
අපේ ගමේ හිටියා “සිරිපාල” කියලා අපූරු මනුස්සයෙක්. ඉතිං සිරිපාල සහෝදරයට තිබුණේ හරිම පුදුම හීනයක්. එයා හැමදාම කිව්වේ, “මචං, ( සහෝදරයා) මට ඕනෙ හැමෝම බලන විදියේ සුපිරි මාලිගාවක් හදන්න” කියලා. හැබැයි සිරිපාලගේ අතේ තිබුණේ හීන විතරයි, සල්ලි තිබුණේ නැහැ. සිහින පෙරට…ගෙදර සිරිපාල සහෝදරයට..
දවසක් සිරිපාල හන්දියේ කඩේ ළඟ ඉඳන් ලොකු ටෝක් එකක් දුන්නා.
සහෝදර යා උඹලා දන්නවද මගේ අලුත් ප්ලෑන් එක? මම මේ හදන්න යන ගෙදරට සල්ලි හොයන්නේ අමුතුම ක්‍රමයකට. අද කාලේ එකෙක්ගෙන් ලක්ෂ පහක් හොයන එක ගේමක්ද? මට සතියක් ඇතුළත ඕනෙ නම් සී දෙනෙක් අල්ලලා ලක්ෂ පහ ගානේ එකතු කරලා කෝටි පහක මාලිගාවක් හදන්න පුළුවන්!” හරි ද … සහේදර යා…
මේක අහගෙන හිටපු අපේ ගමේ පින්සිරි ඇහුවා, “ඒක නෙවෙයි සිරිපාලෝ, ඕක කරන්න ඉතින් උඹේ ගෙදර ඇතුළේ නිධානයක්වත් තියෙන්න එපැයි. නැත්නම් කවුද උඹට නිකම් ලක්ෂ පහ ගානේ දෙන්නේ?”
සිරිපාල බොහොම බැරෑරුම් විදියට උත්තර දුන්නා. සහෝදර යා ..”නිධානයක් නෙවෙයි බං, මම මේ හදන්නේ ‘ගීත ගෙදරක්‘. එඩ්වඩ් ජයකොඩි මහත්තයා කිව්වා වගේ ‘පුංචි පැලක ඉන්න මට‘ කියලා සින්දු කිය කිය ඉන්න කාලේ ඉවරයි.
මට ඕනෙ මිල්ටන් මහත්තයා කිව්වා වගේ ‘පුංචි රෝස මාලිගයක්‘. හැබැයි ඒකේ රෝස මල් වෙනුවට තියෙන්නේ ලක්ෂ පහේ නෝට්ටු!” සහෝදරයා…
දැන් සිරිපාල ගෙදර හදන්න පටන් ගත්තා. ගඩොල් වෙනුවට එයා පාවිච්චි කළේ පරණ පත්තර මිටි. බිත්ති වලට සිමෙන්ති වෙනුවට ඇලෙව්වේ සින්දු පොත් වල පිටු. පින්සිරි දවසක් ගෙදර පැත්තේ යනකොට දැක්කා සිරිපාල ඉස්තෝප්පුවේ වාඩි වෙලා මහ හයියෙන් “නිවසක අසිරිය රැඳෙනුයේ…” කියලා සින්දුවක් දාගෙන ඉන්නවා.
“මොකද මේ සිරිපාලෝ?” පින්සිරි ඇහුවා.
“මේ බලපන් පින්සිරි, මගේ ගෙදර සාලේ බිත්තිය හදලා තියෙන්නේ රූකාන්තගේ ‘පුංචි නිවසක් හදන්නට‘ කියන සින්දුවෙන්. ඒ නිසා වහල නැතත් මට හරි සනීපයි.
හැබැයි ලොකුම ප්‍රශ්නය තියෙන්නේ කුස්සියේ. එතනට ඇලෙව්වේ ‘අම්මා බුදුන් ගෙදරට‘ කියන සින්දුව. දැන් මට ඒ පැත්තට ගිහින් සිගරට් එකක්වත් බොන්න බෑ, හිතට හරි නැහැ!” අරක්කු අඩියක් වත් ගහන්න නිකං මේව මෙව්ව වගේ අම්මා ඉන්නවනේ..කියලා සිරිපාල කිව්වා.
ටික දවසකින් වහිනකොට සිරිපාලගේ “මාලිගාව” තෙමෙන්න ගත්තා.
පත්තර බිත්ති දිය වෙලා බිමට වැටෙනවා. සිරිපාල කුඩයක් ඉහළගෙන මාලිමාවත් අතිකින් අරගෙන සාලේ මැද වාඩි වෙලා ඉන්නවා. පින්සිරි එතනින් යනකොට හිනාවෙලා ඇහුවා, “දැන් මොකද සිරිපාලෝ ලක්ෂ පහේ කතාවට වුණේ? කෝ මාලිගාව?”
සිරිපාල හීන් හිනාවක් දාලා කිව්වා, “ඒක තමයි බං මම මේ කල්පනා කළේ. එකෙක්ගෙන් ලක්ෂ පහක් ඉල්ලන්න ගියාම ඌ මගෙන් අහනවා ‘තෝ හදන්නේ ගෙයක්ද නැත්නම් සින්දු මඩුවක්ද?’ කියලා. දැන් මම තීරණය කළා සුනිල් එදිරිසිංහ මහත්තයා කිව්වා වගේ ‘පාලු හීන පැලක‘ මීට වඩා සැපට ඉන්න පුළුවන් කියලා.”
අන්තිමේදී සිරිපාලගේ ලක්ෂ පහේ හීනය “මේ ගුරු පාරේ” යන එන අයගේ හිනාවට විතරක් සීමා වුණා.
කොයි හැටි වෙතත් ඉතිං අදටත් සිරිපාල හන්දියට ඇවිත් කියන්නේ, “සල්ලි නෙවෙයි බං වැදගත්, ‘ගඩොල් බිත්ති හතරක් නිවසක් කරන්නේ මිනිස්සුන්ගේ හිනාවයි‘ කියලා කවුදෝ කිව්වා නේද? අන්න ඒක තමයි ඇත්ත!” කියලා ලොකු ටෝක් එකක් දෙන එකයි.
ගමේ අය සිරිපාලට දැන් කියන්නේ “ලක්ෂ පහේ සින්දු ගෙදර මෑන්” කියලා!
ලාල් කාන්ත ඇමති තුමාට නිවසක් උවමනායි. මේ නිසා අද කතාව හමාරයි ගෙදර මාරයි. සල්ලා හමාරයි…
දියවන්නා වැව් තාවුලේ සිට ලියන අප්පු නිමල් අල්ගෙවත්ත ලියයි!

