යුද්ධය, වෛරස සහ ආහාර හිඟය පිටුපස ඇති ‘ඒකලෝක රාජ්‍ය’ සැලසුම උපාලි චන්ද්‍රසිරි හෙළි කරයි!
මනුෂ්‍යත්වයේ අවසන් හෝරාව: බුද්ධිමතුන්ගේ නිහඬතාවය හමුවේ කම්කරු පන්තියට පැවරුණු ඓතිහාසික වගකීම!
කෝටි 600ක් මරාදමන ‘ලෝක ම්ලේච්ඡ සැලසුම’ පරාජය කළ හැක්කේ කම්කරු පන්තියට පමණයි!
ජනතා පාර්ලිමේන්තු ලේකම් උපාලි චන්ද්‍රසිරිගෙන් රටටම අනතුරු ඇඟවීමක්!
ලෝක පාලක ප්‍රභූන් විසින් දියත් කිරීමට සැරසෙන කෝටි 600ක දැවැන්ත ජන සංහාරයකට එරෙහිව නැගී සිටිය හැකි ලොව එකම බලවේගය “විනයගත කම්කරු පන්තිය” පමණක් බව ජනතා පාර්ලිමේන්තු ලේකම් මණ්ඩල ලේකම් උපාලි චන්ද්‍රසිරි මහතා අද (05) අවධාරණය කළේය.
කොළඹදී පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, මානව වර්ගයා මුහුණ දී සිටින්නේ හුදු ආර්ථික අර්බුදයකට නොව, මිනිස් සංහතියම මිහිමතින් අතුගා දැමීමේ “ම්ලේච්ඡ මරණීය යුද්ධයකට” බවයි.
පාලක පන්තිය විසින් යුද්ධය, වෛරස සහ කෘත්‍රිම ආහාර හිඟය නිර්මාණය කරමින් බහුතර ජනතාව විනාශ කිරීමේ රහසිගත ක්‍රියාවලියක් දියත් කර ඇති බව යි.
මැදපංතික බුද්ධිමතුන් තවමත් පාලකයන්ගේ පටු අරමුණු වෙනුවෙන් සේවය කරමින් ජනතාව නොමග යවන බව ද ඔහු කීය.
මේ ම්ලේච්ඡත්වය පරාජය කිරීමට අවශ්‍ය නව මතවාදී නායකත්වය තවමත් නිර්මාණය වී නොමැති වීම ඛේදවාචකයක් බව ද ඔහු කීය.
“අපි තවමත් උන්ගේ රූකඩ වෙලා සෝබන සංවාදවල සිරවෙලා ඉන්නවා. ඒත් කාලය වේගයෙන් ගෙවී යනවා. ධනපති පන්තිය විසින්ම විනයගත කරපු කම්කරු පන්තිය තමන්ගේ ඓතිහාසික වගකීම අතට ගත්තේ නැත්නම්, මුළු මානව වර්ගයාටම ඉතිරි වෙන්නේ මරණය පමණයි!”
මෙම පණිවිඩය රට පුරා විසිරී සිටින වැඩකරන ජනතාව වෙත කඩිනමින් ගෙන යා යුතු බවත්, “ජෝකර්ලා” සේ පාලකයන්ගේ රැලිවලට යාම වහාම නතර කර සැබෑ අරගලයට සූදානම් විය යුතු බවත් ලේකම්වරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

