ඇමරිකාවේ ප්‍රාන්ත 10ක් පුරා දින 110ක් සාම පාගමනේ නිරත වූ පූජ්‍ය පඤ්ඤාකර හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ‘Walk for Peace’ වැඩසටහනට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දීමට තීරණය කර ඇත.
ආරම්භය: අප්‍රේල් 21 වනදා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසින්.
ගමන් මාර්ගය: අප්‍රේල් 22 දඹුල්ලෙන් ආරම්භ වී මහනුවර සහ කෑගල්ල හරහා අප්‍රේල් 28 වනදා කොළඹ නිදහස් චතුරස්‍රය දක්වා.
සුවිශේෂී සිදුවීම: පාගමනින් වැඩම කරවන ශ්‍රී මහා බෝධි අංකුරය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිල වශයෙන් ඇමරිකානු නියෝජිත පිරිස වෙත භාර දීමට නියමිතය.
සංවිධානය: ජනාධිපති ලේකම් කාර්යාලය, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ලේකම් කාර්යාලය සහ ආරක්ෂක අංශ එක්ව මෙහෙයවනු ලබයි.
මෙම පාගමන හරහා මෙරටට මෙන්ම ජාත්‍යන්තරයටද සාමයේ පණිවිඩය රැගෙන යාම රජයේ අරමුණයි.
සාධු ! සාධු! සාධු!

