ජනතාවට අලුත් අවුරුදු බෝනස් එක විදුලි බිලෙන්ද? – සල්ලි තිබියදීත් ජල ව්‍යාපෘති හංගාගෙන ඉන්න ‘මේස යට’ ගනුදෙනුව හෙළිවේ!
නියඟයටත් කෙකර ගාන ‘නොහැකියාවේ සහෝදර ආණ්ඩුව’ – පිපාසිත ජනතාව මැද කළු ගඟ ව්‍යාපෘතිය මාස 3ක් මේසය උඩ හිරවෙයි!
විදුලි බිලට රතු හුන්ඩුවක්! – පාරිභෝගිකයා සුද්ද කරන්න ආණ්ඩුව යුද්ධයයි නියඟයයි විකුණයි!
බීමට ජලය නැතිව මිනිස්සු හූල්ලද්දී, පිළියන්දල – කඩුවෙල ජල ප්‍රශ්නය ඉවර කරන්න තිබුණු කෝටි ගණනක ව්‍යාපෘති දෙකක් ලේකම්වරුන් අතින් යටපත් වෙයි!
විදුලි බිල යළිත් 50%කින් ඉහළට දැමීමට ආණ්ඩුව සැරසෙන බවත් මෙය රටේ ජනතාවට ආණ්ඩුව ලබා දෙන අවුරුදු ත්‍යාගය බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා පැවසීය.
කොළඹදී අද (03) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා විසින් ආණ්ඩුවේ සහ නිලධාරීන්ගේ රහස් සැලසුමක් රට හමුවේ අනාවරණය කරන කළේ ය.
විදුලි බල මණ්ඩලයේ ඉහළ නිලධාරීන් පිරිසක් මහජන උපයෝගිතා කොමිසම පවා මඟහරිමින්, විදුලි බිල තවත් 50%කින් ඉහළ නැංවීමේ යෝජනාවක් සෘජුවම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බව ධම්මික මහතා අනාවරණය කළේය.
මෙය නීති විරෝධී මෙන්ම පාරිභෝගිකයා සූරාකෑමේ උත්සාහයක් බව ඔහු අවධාරණය කළේ ය.
“ගිය මාසේ ඩීසල් මිල තුන් පාරක් වැඩි කළා වගේද මේක? මේක පාරිභෝගිකයාට දෙන අලුත් අවුරුදු බෝනස් එකක්ද?” ඔහු ප්‍රශ්න කර සිටියේ ය.
පිපාසිත ජනතාව මැද ‘මේසය උඩ’ හිරවුණු ජල ව්‍යාපෘති මෙන්න යැයි ද ඔහු කීය.
රටේ උග්‍ර ජල අ ර් බු දයට හේතුව නියඟය නොව, ආණ්ඩුවේ සහ නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාව බව මෙහිදී කරුණු සහිතව මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ ය.
කළු ගඟ ජල ව්‍යාපෘතිය,ජයිකා (JICA) ආධාර සහ මුදල් ප්‍රතිපාදන තිබියදීත්, පිළියන්දල සහ මහරගම ජල ප්‍රශ්නය විසඳිය හැකි මෙම ව්‍යාපෘතියේ ලිපිගොනු අමාත්‍යාංශ ලේකම්වරයාගේ මේසය මත මාස තුනක් තිස්සේ හිරවී ඇති බව හෙළි විය.
අඹතලේ ව්‍යාපෘතිය,ආසියානු සංවර්ධන බැංකු (ADB) ආධාර මත ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය අවසන් කළේ නම් කොළඹ සහ කඩුවෙල ජනතාවට අද පැය 24 පුරා ජලය තිබිය යුතු බව ඔහු පෙන්වා දුන්නේය.
ලුණු, හාල්, පොහොර සහ විදුලිය යන සෑම අංශයකටම ජනාධිපතිවරයාට මැදිහත් වීමට සිදුව ඇත්තේ විෂය භාර ඇමතිවරුන්ගේ සහ නිලධාරීන්ගේ පවතින නොහැකියාව නිසා බව ද සංජීව ධම්මික මහතා තීය.
වැඩ බැරි, සැලසුමක් නැති, නොහැකියාවේ සහෝදර ආණ්ඩුවක් ලෙස මේ පාලනය ඉතිහාසයට එක්වනවා සහතිකයි යැයි ද හෙතෙම ප්‍රකාශ කළේ ය.

