යල කන්නයට රජයෙන් දැවැන්ත සහනයක්: පොහොර බෙදාහැරීම රජය සතු වෙයි; සහන මිලත් ප්‍රකාශයට පත් කෙරේ!
ගෝලීය යුද බිය මැද මෙරට ගොවියා රැකීමට රජය පෙරමුණට: පොහොර බෙදාහැරීමේ විශේෂ මෙහෙයුමක් ඇරඹෙයි!
යල කන්නයේ ගොවි අ ර් බු ද වැළැක්වීමට රජයෙන් දැවැන්ත මෙහෙයුමක්!
පවතින ජාත්‍යන්තර යුදමය වාතාවරණය හමුවේ මෙරට ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම වෙනුවෙන් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විශේෂ තීරණ රැසක් ප්‍රකාශයට පත් කර ඇත.
යල කන්නයේ වගා කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා සති අන්ත සහ සියලුම රජයේ නිවාඩු දිනවලත් ගොවිජන සේවා මධ්‍යස්ථාන විවෘතව තැබීමට ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා නියෝග කර තිබේ.
පොහොර මාෆියාවට තිත – බෙදාහැරීම රජයට පමණයි!
ගෝලීය අර්බුද ප්‍රයෝජනයට ගනිමින් විවිධ පාර්ශ්වයන් පොහොර තොග රැස් කිරීමට දරන උත්සාහය පරාජය කිරීම සඳහා රජය දැඩි තීරණයකට එළඹ ඇත. ඒ අනුව, වී වගාවට අවශ්‍ය සියලුම අමිශ්‍ර පොහොර නිකුත් කිරීමේ පූ ර් ණ බලය රජයේ ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත පමණක් පවරා ඇත.
පෞද්ගලික අංශය හරහා සිදුවිය හැකි අසාධාරණ මිල ඉහළ දැමීම් සහ තොග සඟවා තැබීම් මින් වළක්වාලනු ඇත.
සහන මිල ගණන් ප්‍රකාශයට පත් කෙරෙන බවද රජය කීය.
ගොවීන්ගේ නිෂ්පාදන පිරිවැය අවම කිරීමේ අරමුණින් යූරියා පොහොර සඳහා පාලන මිලක් ද ප්‍රකාශයට පත් කර ඇත. මේ අනුව යූරියා කිලෝ 50 මිටියක මිල: රුපියල් 9,900 – 10,200 අතර මුදලකට පමණක් අලෙවි කිරීමට උපදෙස් දී ඇත.
යල කන්නයේ වගා කටයුතු දැනටමත් ආරම්භ කර ඇති ප්‍රදේශවල ගොවීන්ට ප්‍රමාදයකින් තොරව පොහොර ලබා ගැනීමට දැන් අවස්ථාව ඇත.
ඕනෑම රජයේ නිවාඩු දිනයක වුවද තම ප්‍රදේශයේ ගොවිජන සේවා මධ්‍යස්ථානය වෙත ගොස් මෙම පහසුකම ලබාගත හැකි බව දෙපාර්තමේන්තුව අවධාරණය කළේ ය.
“ජාත්‍යන්තර අ ර් බු ද හමුවේ වුවද මෙරට ගොවි ජනතාවට අවශ්‍ය පොහොර සැපයුම කිසිදු බාධාවකින් තොරව ඉටුකිරීම රජයේ ප්‍රමුඛතම වගකීම ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා ප්‍රකාශ කළේ ය.

