බදු සහන පාරිභෝගිකයාට නෑ, සියල්ල ආනයනකරුවන්ගේ සාක්කුවට! – සෙස් බදු ඉවත් කිරීමේ නිරුවත හෙළිවේ.

වවන්න පුළුවන් රටේ හාල් සහ අර්තාපල් ගේන්නේ කොමිස් ගැසීමටද? රජයේ වගා සංග්‍රාමය පච වෙයි!

ආහාර අර්බුදය දොරකඩ: ජනාධිපතිගේ කමිටු නිදි – රජය ආනයනකරුවන්ට යටත් ද?

කුසගින්න නිවන්න නම් දැන්ම වගා කරමු! රජය මග හැරියත් දරුවන් වෙනුවෙන් පෙරට එන්න – ගොවිජන පවුරෙන් ඇමතුමක්.

ආසන්නයේම පවතින ආහාර අර්බුදයට රජය තවමත් නිහඬයි – ගොවිජන පවුර සංවිධානය

මෙරට ඉදිරියේදී මතු විය හැකි බරපතල ආහාර අර්බුදය හමුවේ රජය කිසිදු විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකරන බව ගොවිජන පවුර සංවිධානයේ මාධ්‍ය ලේකම් නලින්ද සෙනාරත්න මහතා පවසයි.

අද (03) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී හෙතෙම මෙසේ ද කීය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා අවධාරණය කළේ, රජය පාරිභෝගිකයාට සහන දීමට යැයි පවසමින් ඉවත් කළ ‘සෙස් බදු’ වාසිය මෙතෙක් ජනතාවට ලැබී නොමැති බවත්, එහි වාසිය හිමිව ඇත්තේ මහා පරිමාණ ආනයනකරුවන්ට පමණක් බවත්ය.

රට බංකොලොත් වීම නිසා ගෝලීය තත්ත්වයන් අනෙක් රටවලට වඩා ලංකාවට තදින් බලපා ඇති බව පෙන්වා දුන් සෙනාරත්න මහතා, දේශීයව සහල් සහ අර්තාපල් නිෂ්පාදනය කළ හැකි පසුබිමක් තිබියදීත් රජය ආනයනකරුවන්ගේ වුවමනාවන් වෙනුවෙන් පෙනී සිටින බවට ද චෝදනා කළේය.

වහාම වගා සංග්‍රාමයකට අවතීර්ණ නොවුවහොත් ඉදිරියේදී උද්ධමනය ඉහළ ගොස් ජනතාව දැඩි කුසගින්නකට මුහුණ දෙනු ඇති බවට ඔහු වැඩිදුරටත් අනතුරු ඇඟවීය.

Share.
Leave A Reply