පරිපූරක ජනමාධ්‍ය ආචාර ධර්ම සහතික පත්‍ර පාඨමාලා විද්‍යාර්ථීන් සහ දේශක මහතුන්ගේ කාරුණික අවධානය සඳහායි.
ගෝලීයව උද්ගත වී ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ රජය විසින් හදිසි විදුලි සීමාවන් කිහිපයක් පනවා තිබේ. ඒ අනුව, සවස 3.00 න් පසු වායු සමනය (AC) කරන ලද රජයේ ගොඩනැගිලිවල විදුලිය / වායු සමීකරණ යන්ත්‍ර විසන්ධි කිරීමට මේ වනවිට සිදුව ඇත.
දේශන තාවකාලිකව අත්හිටුවීම
යථෝක්ත පාඨමාලාවේ න්‍යායාත්මක දේශන පැවැත්වෙන්නේ කොළඹ මහජන පුස්තකාලයේ පළමු මහලේ ශාලාවේ ය. එම ශාලාවද වායු සමනය කර ඇති බැවින්, සිකුරාදා හෝ වෙනත් දිනයක සවස 2.00 සිට 5.00 දක්වා දේශනා පැවැත්වීමේදී ඉහත කී රජයේ නියෝගය අප පාඨමාලාවට ද සෘජුවම බලපානු ලබයි.
එබැවින්, රජයේ එම නියෝගයන් හකුලාගෙන නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව පාඨමාලාව අදාළ දිනවල නොපැවැත්වෙන බව කාරුණිකව දන්වා සිටිමු. කෙසේ වෙතත්, ඒ වෙනුවට පාඨමාලා කාලය ඉදිරියට දීර්ඝ කිරීමට පියවර ගෙන ඇත.
වැඩිදුර තොරතුරු සහ නවක අයදුම්පත්
ඔබට මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් හෝ නවක අයදුම්පත් ලබාගැනීමට අවශ්‍ය නම්, පහත සඳහන් තොරතුරු භාවිතා කරන්න:
- පාඨමාලා විස්තර සඳහා: කරුණාකර 077 315 0678 අංකය පමණක් අමතන්න.
- නවක සම්බන්ධතා හා අයදුම්පත් සඳහා: කොළඹ මහජන පුස්තකාලයේ බාහිර අංශයේ පුස්තකාලාධිපතිනියගෙන් විමසන්න.
මෙයට,
සුමිත් කොඩිතුවක්කු
පාඨමාලා සමායෝජක හා සභාපති,
නිව්ස් ඇන්ඩ් ඉමේජ් (News & Image)

