මුහුදු මාර්ගයෙන් මෙරටට නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කළ රුපියල් ලක්ෂ ගණනක් වටිනා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ කෘෂි රසායනික ද්‍රව්‍ය තොගයක් කල්පිටිය, කුඩාව වෙරළ තීරයේදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.

වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය විසින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, වෙරළේ අතහැර දමා තිබූ සැකකටයුතු පාර්සල් 13ක් පරීක්‍ෂාවට ලක් කර තිබේ.

භාරයට ගත් භාණ්ඩවල විස්තර:

කජු තොගය: කිලෝග්‍රෑම් 170ක් පමණ.

එනසාල් තොගය: කිලෝග්‍රෑම් 90ක් පමණ.

කෘමිනාශක දියර: බෝතල් 169ක්.

දිලීර නාශක: පාර්සල් 90ක්.

සබන් කැට: 180ක්.

නාවික හමුදා මුර සංචාර දැඩි කිරීම හමුවේ ජාවාරම්කරුවන්ට මෙම භාණ්ඩ ගොඩබිමට රැගෙන යාමට නොහැකිව වෙරළේ අතහැර දමා පලා ගොස් ඇති බවට සැක කෙරේ.  

Share.
Leave A Reply