දූෂිත සමාගම් සුරකින ‘දඩ මුදල්’ කුමන්ත්‍රණය: බිමල් රත්නායකගේ ප්‍රකාශය හමුවේ පුරවැසි බලය අල්ලස් කොමිසම හමුවට යයි !

රජයට කෝටි ගණනක දඩ මුදල් අහිමි කරන සූක්ෂම මෙහෙයුම: අමාත්‍යවරයෙක් දූෂණයට අනුබල දෙනවාද? රටම කැළඹූ ගල් අඟුරු ගනුදෙනුවේ සුලමුල මෙන්න!

බිමල් රත්නායකට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්: කෝටි 1000ක ගල් අඟුරු වංචාව යළි කරළියට!

ගල් අඟුරු සැපයීමේදී සිදුවූ බව කියන මහා පරිමාණ දූෂණයකට අනුබල දීම සහ රජයට ලැබිය යුතු දඩ මුදල් අහිමි කිරීම සම්බන්ධයෙන් මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට අද (27) පැමිණිල්ලක් ඉදිරිපත් විය.

‘අල්ලස, දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර එහි ප්‍රධාන කරුණු මෙසේය:

ප්‍රධාන චෝදනා මෙන්න!

සමාගම් ආරක්ෂා කිරීම: බාල ගල් අඟුරු ගෙන ආ සමාගමට ගිවිසුම් ප්‍රකාරව පැනවිය යුතු අසීමිත දඩ මුදල් අය නොකිරීමට අමාත්‍යවරයා උත්සාහ කිරීම.

රාජ්‍ය විරෝධී ප්‍රකාශ: “දඩ ගැසීමෙන් සමාගම බංකොලොත් වුවහොත් ගල් අඟුරු නැති වේ යැයි” පවසමින් අමාත්‍යවරයා ප්‍රසිද්ධියේම වැරදිකරුවන් ආරක්ෂා කරන බවට චෝදනා කිරීම.

කෝටි 1000ක වංචාව: 2025 ජනවාරි 08 වන දින එම සංවිධානය විසින්ම පැමිණිලි කරන ලද රුපියල් කෝටි 1000ක ගල් අඟුරු ගනුදෙනුව පිළිබඳ පරීක්ෂණ කඩිනම් කරන ලෙස බල කිරීම.

ගිවිසුම්ගත කොන්දේසි උල්ලංඝනය කරද්දීත්, දඩ මුදල් ලිහිල් කිරීමට තර්ක ඉදිරිපත් කිරීම හරහා අමාත්‍යවරයා සූක්ෂම ලෙස රජයට අවාසිදායක තත්ත්වයක් නිර්මාණය කරනවා.”  යැයි අප කළ විමසුමක දී  අල්ලස් දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සභාපති  ජාමුණි කමන්ත තුෂාර  මහතා පැවසීය.

මෙම පැමිණිල්ලත් සමඟ ආන්දෝලනාත්මක ගල් අඟුරු ගනුදෙනුව සම්බන්ධයෙන් රජය ගන්නා ඉදිරි පියවර දෙස මහ ජනතාව වෘත්තිය වේදින් අවධානය යොමුව පවතින බව ද අල්ලස් දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සභාපති  ජාමුණි කමන්ත තුෂාර  මහතා පැවසීය.   

Share.
Leave A Reply