පොළොන්නරුවේ කාර්මික පුනර්ජීවනයට දැවැන්ත පියවරක්: ලක්ෂ උයන කර්මාන්තපුරය පුළුල් කිරීමට සහ මැණික් පර්යේෂණාගාරයක් පිහිටුවීමට තීරණය වෙයි.

පොළොන්නරුව: දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයින් සහ කර්මාන්තකරුවන් මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු හඳුනාගෙන, රාජ්‍ය යාන්ත්‍රණය ඔවුන් වෙත සමීප කරවීමේ අරමුණින් විශේෂ ‘දිස්ත්‍රික් කර්මාන්ත අනුකමිටු’ රැස්වීමක් අද (26 දා) පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.

මෙහිදී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කාර්මික ක්ෂේත්‍රය නංවාලීම සඳහා වැදගත් යෝජනා කිහිපයකට අනුමැතිය හිමි වූ අතර, ගනු ලැබූ ප්‍රධාන තීරණ කිහිපයක් පහත දැක්වේ:

කර්මාන්තපුර පුළුල් කිරීම: ලක්ෂ උයන කර්මාන්තපුරය තවදුරටත් පුළුල් කිරීමටත්, එහි දෙවන අදියර ගල්ලෑල්ල ප්‍රදේශයේ ආරම්භ කිරීමටත් තීරණය විය.

මැණික් පර්යේෂණ රසායනාගාරයක්: දිස්ත්‍රික්කයේ මැණික් කර්මාන්තකරුවන්ගේ පහසුව උදෙසා නව මැණික් පර්යේෂණ රසායනාගාරයක් ස්ථාපනය කිරීමට පියවර ගැනේ.

තාක්ෂණ සේවා මධ්‍යස්ථානයක් (Technology Incubation Center): ආහාර සැකසුම් කර්මාන්තකරුවන්ට අවශ්‍ය තාක්ෂණික සහය ලබා දීම සඳහා මෙම මධ්‍යස්ථානය ඉදිකිරීමට යෝජනා විය.

SME සහන ණය: සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් (SMEs) වෙනුවෙන් රජය ලබා දෙන සහන පොළී ණය ලබාගැනීමේදී පවතින බාධා ඉවත් කිරීමට ප්‍රාදේශීය කර්මාන්ත කමිටු සෘජුව මැදිහත් විය යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

යටිතල පහසුකම් හා ඉඩම්: කර්මාන්තකරුවන්ට අවශ්‍ය ඉන්ධන අඛණ්ඩව ලබාදීම සහ කර්මාන්ත සඳහා වෙන් කළ ඉඩම් කඩිනමින් අදාළ ව්‍යවසායකයින් වෙත නිදහස් කිරීමට විශේෂ අවධානයක් යොමු විය.

මෙම අවස්ථාවට නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී බී.එම්. සුනිල් රත්නසිරි මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී එන්.ආර්. පද්මසිරි බණ්ඩාර මහතා සහ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.


————————————————————————————————————————————————————————————————————————————————————————————————————————
*📍 විශේෂ නිවේදනය:*

🎥📢🎙️ Media Training EWOL 🎬📰📚✨ වට්සැප් චැනලයහී දැක්වෙන දිස්ත්‍රික් සමූහයන් අතරින් ඔබේ දිස්ත්‍රික්කයට අදාළ සමූහයට පමණක් එක්වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

*🎓 ජනමාධ්‍ය ලෝකයට පිවිසෙන්නට ඔබට අගනා අවස්ථාවක්! 📚*

*🚀 මාධ්‍යවේදියෙකු වීමේ සිහිනය සැබෑ කරගන්න! 🎤🎥*

*සම්පූර්ණයෙන්ම නොමිලේ පවත්වනු ලබන*

*“පරිපූරක ජනමාධ්‍ය ආචාර ධර්මය සහ නවක සන්නිවේදක පුහුණු වැඩසටහන” (Certificate in Introductory Media Communication Ethics)* සඳහා දැන් නවකයන් බඳවා ගැනේ.

✨ පුහුණු ක්ෂේත්‍ර:

⚖️ මාධ්‍ය නීතිය සහ ආචාර ධර්ම

💼 ව්‍යවසාය මූලික මාධ්‍ය පුහුණුව

🎤 වාර්තාකරණය සහ සම්මුඛ සාකච්ඡා

🎥 වීඩියෝ පුවත්පත් කලාව ( Videojournalism ) | වීඩියෝ නිර්මාණය සහ සංස්කරණය

📸 ඡායාරූප පුවත්පත් කලාව ( Photojournalism ) | ඡායාරූප නිර්මාණය සහ සංස්කරණය

📝 ලියාපදිංචි වන ආකාරය:

පහත සබැඳිය (Link) ඔස්සේ අපගේ වෙබ් අඩවියට පිවිස, “Media Studies Training” අංශයේ ඇති අයදුම්පත සම්පූර්ණ කර ඔබේ සාමාජිකත්වය තහවුරු කරගන්න.

🔗 https://newsandimage.org/media-studies-training/

📍 ඔබේ දිස්ත්‍රික්කයට අදාළ සමූහයට (Community) පමණක් එක්වන්න:

📢 නිරන්තර යාවත්කාලීන කිරීම් සඳහා අපගේ වට්සැප් චැනලය සමග එක්වන්න:

🔗 https://whatsapp.com/channel/0029Vb5yrkR9MF8rsF5gzm23

📞 වැඩි විස්තර සඳහා: 0703750478 | 0723930751 | 0713930751

Reporting: Journalist Nuwan Prasanna Sumanarathna 0703750478 | Journalist Yohan Rasindu 0723930751

Share.
Leave A Reply