“LNG වෙනුවට ඩීසල්! විදුලි අර්බුදය උණුසුම්”

“බාල ගල් අඟුරු ගැටළුවෙන් විදුලි බිල ගිනිගනී”

“12,000 ටොන් ඩීසල් විදුලියට? ජනතාවට බර වැඩිවෙයි”

“ඉතිරි කරන්න කියන රජයම ඩීසල් පුළුස්සයි!”

“12,000 ටොන් ඩීසල් විදුලියට?”

“LNG වෙනුවට ඩීසල් – සැක මතුවෙයි”

“බාල ගල් අඟුරු ගැටළුව තවත් උණුසුම්”

“ඩීසල් වලින් විදුලිය! ඒකකයක් රු.180ට යයිද?”

විදුලි පාවිච්චිකරුවන්ගේ සංගමය අමාත්‍යාංශය වටලයි!

මල් පාරේ පිහිටි විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයට අද (26) දින විදුලි පාවිච්චිකරුවන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා පැමිණිවේ, විදුලි උත්පාදනය සම්බන්ධයෙන් මතුව ඇති බරපතළ චෝදනා පිළිබඳ තොරතුරු ඉල්ලා ගැනීම සඳහාය.

මෙහි දී ඔහු සඳහන් කළේ, බාල ගල් අඟුරු ගනුදෙනුවක් හේතුවෙන් රට තුළ ඉන්ධන භාවිතය අධික වී ඇති අතර, LNG ගිවිසුම් යටතේ ක්‍රියාත්මක විය යුතු යුගදනිවි බලාගාරය ද මේ වනවිට ඩීසල් භාවිතයෙන් ක්‍රියාත්මක වන බවට තොරතුරු ලැබී ඇති බවයි.

එම තොරතුරු අනුව, පළමු දිනයේදී පමණක් සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 12,000ක් ලබාදී ඇති බවටද වාර්තා වන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

“විදුලි බිල ගිනි ගනී” – දැඩි අනතුරු ඇඟවීමක් මෙලෙස ඩීසල් මත විදුලි නිෂ්පාදනය සිදු වුවහොත්,  එක් විදුලි ඒකකයක් සඳහා රුපියල් 175 – 180 අතර මිලක් ගෙවීමට සිදුවිය හැකි බවද ඔහු අනතුරු ඇඟවීය.

“ජනතාවට ඉතිරි කරගන්න කියන රජයම ඩීසල් පුළුස්සයි”  ජනතාවට සතියකට වරක් රෙදි සෝදන්න,රාත්‍රී 6 සිට 10 දක්වා විදුලි භාවිතය සීමා කරන්නැයි උපදෙස් දෙන අතර,අනෙක් පැත්තෙන් ඩීසල් මත විදුලි නිෂ්පාදනය සිදු කිරීම ගැටළු සහගත බවද ඔහු දැඩි ලෙස විවේචනය කළේ ය.

Share.
Leave A Reply