බලශක්ති අර්බුදයට මුහුණ දීමට ජනපතිගෙන් විශේෂ උපදෙස් මාලාවක්: රාත්‍රී 6 – 10 කාලය තුළ විදුලි භාවිතය සීමා කරන්නැයි ඉල්ලීමක්  ජනාධිපති අනුර කුමාර දිසානායක

දෛනික විදුලි පරිභෝජනය උපරිම මට්ටමකට (Peak hours) ළඟා වන පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ විදුලිය මනා කළමනාකරණයකින් යුතුව භාවිත කිරීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට මෙහිදී තීරණය විය. එම කාලසීමාව තුළ අත්‍යවශ්‍ය නොවන විදුලි උපාංග භාවිතය අවම කිරීම මගින් ජාතික පද්ධතියට විශාල සහනයක් සැලසෙන බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

රටේ විදුලි පරිභෝජනයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ඉතිරි කර ගැනීම සඳහා පහත ක්‍රියාමාර්ග ගැනීමටද මෙහිදී අවධානය යොමු විය:

විශාල විදුලි ප්‍රමාණයක් වැයවන ප්‍රචාරක දැන්වීම් පුවරු (Billboards) සහ අලංකරණ විදුලි පද්ධති සීමා කිරීම.

නාගරික ප්‍රදේශවල පවතින අත්‍යවශ්‍ය නොවන වීදි ලාම්පු දල්වා තැබීම අවම කිරීම.

රාජ්‍ය ආයතන සහ පළාත් පාලන ආයතන සඳහා බලශක්ති සංරක්ෂණය පිළිබඳ නව මාර්ගෝපදේශ හඳුන්වා දීම.

මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන් බලශක්ති සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීම ලොව පුරා රටවලට අභියෝගයක් වී ඇති බවත්, එය ජය ගැනීමට ආයතනික සහ පුද්ගලික මට්ටමින් වගකීමෙන් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

Share.
Leave A Reply