ඩියාගෝ ගාර්ෂියා ඉරණම ලංකාවටත් අත් වෙයිද? – MCC සහ SOFA ගිවිසුම් ගැන හෙළිදරව්වක්.
රටේ ආර්ථික මර්මස්ථාන විකුණන IMF උගුලෙන් ජනතාව බේරාගත යුතුයි – ලංකා සමසමාජ පක්ෂය.
අගාධයට වැටුණු ආර්ථිකය ගොඩගන්න ‘එන්.එම්.ගේ වෙදපොත’ අදටත් වලංගුයි!
තෙල් අර්බුදයෙන් ගොඩ එන්න පක්ෂ විපක්ෂ පොදු න්‍යාය පත්රයකට එක්විය යුතුයි.!
අත්හැර දැමූ කුඹුරු අස්වද්දා තරුණ ශ්‍රමය රටේ නිෂ්පාදනයට දායක කරමු.!
ලංකාව විදේශ යුද්ධවල කොටස්කරුවෙකු වෙලාද?
ආර්ථික මරණයේ ගිවිසුම් සහ සමසමාජ පක්ෂයේ ස්ථාවරය.!
ලංකාව ඇමරිකානු යුධ කඳවුරක් වීමට ඉඩ නොතැබිය යුතුයි – ලංකා සමසමාජ පක්ෂය අනතුරු අඟවයි
ලංකාව තුළ ඇමරිකානු යුධ කඳවුරක් ස්ථාපිත වීමට ඉඩ නොතබා, පවතින තෙල් සහ ආර්ථික අර්බුදයෙන් රට මුදා ගැනීමට පක්ෂ විපක්ෂ සියලු දෙනා වගකීමෙන් කටයුතු කළ යුතු බව ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් රවින්ද්‍ර ප්‍රදීප් කුලසේන මහතා පවසයි.
අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා අවධාරණය කළ ප්‍රධාන කරුණු මෙසේය:
MCC සහ SOFA වැනි ගිවිසුම් හරහා මෙරට භූමිය අත්පත් කරගැනීමේ කූට උත්සාහයක ඇමරිකාව නිරත වන බවත්, 2015 සිට බලයට පත් රජයන් මෙරට ආර්ථික මර්මස්ථාන විදේශයන්ට විකිණීම නිසා ලංකාව අද ලෝක බලවතුන්ගේ යුධ ගැටුම්වල කොටස්කරුවෙකු වී ඇති බවත් ඔහු පැවසීය.
වර්තමාන දැඩි ආර්ථික කඩා වැටීම පාලනය කිරීමට නම් 1970 දශකයේ ආචාර්ය එන්.එම්. පෙරේරා මහතා අනුගමනය කළ විද්‍යානුකූල ආර්ථික උපායමාර්ග අදට වඩාත් වලංගු වන බව හෙතෙම පෙන්වා දුන්නේය.
පාඩු ලබන ආයතන බව පෙන්වමින් නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍යය සහ බලශක්ති පද්ධතිය IMF යෝජනාවලට යටත්ව විකුණා දැමීමට රජය දරන උත්සාහය පිළිබඳව ජනතාව අවධානයෙන් සිටිය යුතු බව ඔහු කීය.
රටේ තරුණ ශ්‍රම බලකායෙන් 55%ක් පමණ විධිමත් ආර්ථිකයට දායක නොවන බවත්, අත්හැර දමා ඇති වගා බිම් අස්වද්දා රට ස්වයංපෝෂිත කිරීමේ “ආර්ථික වෙද පොත” රජයට ඉදිරිපත් කිරීමට සමසමාජ පක්ෂයේ ආර්ථික කමිටුව සූදානම් බවත් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
රට කඩා වැටීම පාලනය කිරීමට රජය අපොහොසත් වුවහොත් ජනතාව වීදි බැසීම වැළැක්විය නොහැකි බව පවසන කුලසේන මහතා, පක්ෂ විපක්ෂ සියලු දෙනා පොදු න්‍යාය පත්රයකට එකඟ විය යුතු බව අවධාරණය කළේය.

