“ඩොලර් බිලියන 1.5ක ආර්ථික බෝම්බය වළක්වන්න ඉන්ධන මිල සංශෝධනය කරයි!”

ඩොලරය බේරාගන්න ඉන්ධන මිල ඉහළට; රජය මසකට බිලියන 20ක බරක් දරයි!

ඉන්ධන මිල ඉහළ දැමීම හරහා රජය අපේක්ෂා කරන්නේ රුපියල තවදුරටත් කඩා වැටීම වැළැක්වීම සහ විදේශ සංචිත ආරක්ෂා කර ගැනීම බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.

අද (22)පැවති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙසේ ද කීය.

මිල ඉහළ දැමුවද රජය තවදුරටත් ඩීසල් ලීටරයකට රු. 100ක් සහ පෙට්‍රල් ලීටරයකට රු. 20ක් බැගින් සහනාධාර ලබා දෙයි. ඒ සඳහා මසකට වැය වන මුදල රුපියල් බිලියන 20කි.

මෙම මිල සංශෝධනය සිදු නොකළේ නම් ඩොලර් බිලියන 1.5ක අතිරේක බරක් ආර්ථිකයට එක් වන අතර, එමඟින් ඩොලරයේ අගය පාලනය කළ නොහැකි මට්ටමකට පත්වීමේ අවදානමක් තිබූ බව හෙතෙම පෙන්වා දුන්නේය.

ලෝක දේශපාලනික අර්බුද හෙට අවසන් වුවද, එහි බලපෑම සමනය වීමට තවත් කාලයක් ගතවනු ඇති බැවින් මෙම තීරණය නොවළැක්විය හැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Share.
Leave A Reply