ඉන්ධන ප්‍රශ්නය නිසා වෛද්‍යවරුන් කොටු වෙයි; රජය දින 6ක් තිස්සේ නිහඬයි.
ලබන සඳුදා සිට රටේම රෝහල් පද්ධතිය අකර්මන්‍ය වීමේ දැවැන්ත අවදානමක්.
“අත්‍යවශ්‍ය සේවාව පවත්වා ගැනීම රජයේ නීතිමය බැඳීමක්” – GMOA අනතුරු අඟවයි.
රටේ සෞඛ්‍ය පද්ධතිය දැවැන්ත කඩාවැටීමක අද්දරට පැමිණ තිබෙනවා. වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයන්ගේ ප්‍රවාහන සහ ඉන්ධන ගැටලුවලට ඉදිරි පැය 48 තුළ විසඳුම් නොලැබුණහොත්, ලබන සඳුදා සිට මෙරට රෝහල් පද්ධතිය අඩාල වන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ ය.
රජය මැදිහත් වී විශේෂ වැඩපිළිවෙළක් සකස් නොකළහොත්, රෝගී සත්කාර සේවා පවත්වාගෙන යාමට තවදුරටත් හැකියාවක් නොමැති බවයි එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා ප්‍රකාශ කළේ ය.
රටේ සෞඛ්‍ය සේවාව අවසන් හුස්ම හෙළන මොහොත!
තව පැය 48ක් පමණයි! ඉන්ධන නැතිව වෛද්‍යවරුන් නිවෙස්වල හිරවෙද්දී, ලබන සඳුදා සිට රෝහල් පද්ධතියම අකර්මන්‍ය වීමේ තර්ජනයක්!
රෝගීන්ට ප්‍රතිකාර කළ යුතු කාලය වෛද්‍යවරුන් ඉන්ධන පෝලිම්වල ගත කරයි.
QR කෝටාව රාජකාරි ගමන්වලට කොහෙත්ම ප්‍රමාණවත් නැත.
ජනපතිට ලිඛිතව දන්වා දින 6ක් ගතවී ඇතත් මෙතෙක් විසඳුම් නැත.
මෙය ඔබගේත්, ඔබගේ ආදරණීයයන්ගේත් ජීවිත පිළිබඳ ප්‍රශ්නයකි! රෝගී ජීවිත අනතුරේ හෙළන රජයේ මෙම නොසැලකිල්ලට එරෙහිව දැන්ම හඬක් නගමු.
ඉදිරි පැය 48 තුලදි වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය සේවකයින්ගේ ඉන්ධන සහ ප්‍රවාහන ගැටලු නොවිසඳුනොත් එලඹෙන සතියේදි රෝහල් බිඳ වැටීමේ අවදානමක්.

