රාජ්‍ය තාන්ත්‍රික සුසංයෝගය: ගෝලීය බලශක්ති අර්බුදයට මුහුණ දීමට ජනපති සහ පක්ෂ නායකයෝ එක් වෙති!

මැද පෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ ලෝකයම මුහුණ දී සිටින දැවැන්ත බලශක්ති අර්බුදයේ බලපෑමෙන් ශ්‍රී ලංකාව ආරක්ෂා කර ගැනීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.

දේශපාලන භේද පසෙකලා “රට පෙරට” යන තේමාව පෙරදැරි කරගනිමින් පැවැත්වූ මෙම සාකච්ඡාව, මෙරට දේශපාලන සංස්කෘතියේ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස දේශපාලන විචාරකයෝ හඳුන්වති.

සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් කරුණු තුනක් කෙරෙහි අවධානය යොමු කෙරිණි: ගෝලීය බලපෑම: මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාම සහ සැපයුම් දාමයන්ට එල්ල වී ඇති තර්ජනය.

ආර්ථික සුරක්ෂිතතාව: බලශක්ති පිරිවැය ඉහළ යාම හරහා මෙරට ආර්ථිකයට සහ ජීවන වියදමට එල්ල විය හැකි බලපෑම් අවම කිරීම.

රජයේ ක්‍රියාමාර්ග: මතුවිය හැකි ඕනෑම හදිසි තත්ත්වයකට මුහුණ දීම සඳහා රජය මේ වන විටත් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව පක්ෂ නායකයන් දැනුවත් කිරීම.

මෙම හමුව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ,රාවුෆ් හකීම්, මනෝ ගනේෂන් යන පක්ෂ නායකයින් සහ සෙසු නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.

ජාතික වැදගත්කමකින් යුතු මෙවැනි අර්බුදයකදී රජය සහ විපක්ෂය එකම මේසයකට පැමිණීම ජනතාවගේ දැඩි ප්‍රසාදයට හේතු වී තිබේ.

“දේශපාලනය කුමක් වුවත්, රට මුහුණ දෙන දැවැන්ත අභියෝග හමුවේ සියලු බලවේගයන්ගේ සුසංයෝගය රටේ අනාගතය සුරක්ෂිත කිරීමට අත්‍යවශ්‍ය වේ.

සත්තකින්ම පක්ෂ දේශාපාලනය කිරීමට රටක් ලොවක් ජනතාවක් සිටිය යුතුය. මේ නිසා පළමු ව රට ජනතාව සුරක්ෂිත කිරීම තුළ ජනතාව ඉදිරියේ දී සුදුසු වූ නායකයා තෝරා ගනු ඇත.

Share.
Leave A Reply