ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් අඩකට ආසන්න පිරිසක් මෙතෙක් කිසිදු දන්ත වෛද්‍ය පරීක්ෂාවකට යොමු වී නොමැති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතා අනාවරණය කරයි.

ලෝක මුඛ සෞඛ්‍ය දිනය වෙනුවෙන් කොළඹදී පැවැති ජාතික උත්සවය අමතමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, දන්ත වෛද්‍ය ක්ෂේත්‍රය තාක්ෂණිකව දියුණු වුවද ජනතාව දැනුවත් කිරීමේ සන්නිවේදන ක්‍රියාවලිය තවමත් දුර්වල මට්ටමක පවතින බවයි.

රෝගය උත්සන්න වූ පසු ප්‍රතිකාර: බොහෝ දෙනෙකු සායන කරා යොමුවන්නේ දත් කැක්කුම හෝ ආසාදන දරුණු වූ පසුව පමණි.

“සතුටු මුවයි – සුවැති දිවියයි” තේමාව යටතේ පාසල් දරුවන් සහ මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් දීපව්‍යාප්තව ක්‍රියාත්මක වේ.

දිවයින පුරා නොමිලේ දන්ත සායන සහ දන්ත සංවේදීතා පරීක්ෂණ පැවැත්වීමට පියවර ගෙන ඇත.

මාධ්‍යයේ වගකීම: සරල සෞඛ්‍ය පණිවුඩ ජනගත කිරීමට සමස්ත මාධ්‍ය ජාලය මීට වඩා දායක විය යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

“රෝගය උත්සන්න වීමට පෙර හඳුනා ගැනීම සහ වැළැක්වීම සඳහා සෞඛ්‍ය පද්ධතිය මෙන්ම ජනතාවද සූදානම් විය යුතුයි.”

— සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි කීය.

Share.
Leave A Reply