කොළඹ: මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් පාරිභෝගික ජනතාවට ඉහළම සහන සැලසීමේ අරමුණින් “අඩු මිලටත් වඩා අඩුවෙන්” භාණ්ඩ ලබාදීමේ සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනක් අද (20) සිට දිවයින පුරා ක්‍රියාත්මක වන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.
දැවැන්ත වට්ටම්: අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 600කට 40% දක්වා සුවිශේෂී මිල අඩු කිරීම්.
වටිනා ත්‍යාග: රු. 2500කට වැඩි සෑම මිලදී ගැනීමකටම කූපන් පතක් හිමිවන අතර, ඉන් ජයග්‍රාහකයන්ට BAW ඉලෙක්ට්‍රික් මෝටර් රථයක්, ඉලෙක්ට්‍රික් ස්කූටර් සහ ස්මාර්ට් ජංගම දුරකථන පිරිනැමේ.
පාලන මිල: කූට වෙළෙඳුන් තොග රැස්කිරීම වැළැක්වීම සඳහා සෑම භාණ්ඩයක්ම පාරිභෝගිකයාට අවශ්‍ය සීමාවන්ට යටත්ව අලෙවි කෙරේ.
විශේෂත්වය: පෙබරවාරි සිට පැවති පූර්ව සූදානම හේතුවෙන් ලෝක යුදමය තත්ත්වයන් හමුවේ වුවද උත්සව සමය නිමවන තෙක් හිඟයකින් තොරව සහන මිලට භාණ්ඩ ලබාදීමට සතොස සූදානම්ය.
අපේ අරමුණ ලාභ ලැබීම නොව, පවතින ආර්ථික දුෂ්කරතා මැද ජනතාවගේ බඩු මල්ලට සැබෑ සහනයක් ලබාදීමයි. සතොස සතු ශාඛා 430 හරහාම මෙම වරප්‍රසාදය හිමිවනු ඇත.” බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.

