මැදපෙරදිග ඇතුළු ලොව පුරා පවතින යුද ගැටුම් හමුවේ පීඩාවට පත් ජනතාව පිළිබඳ සිය දැඩි සංවේගය පළ කරන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය, රාමසාන් උත්සවය උගන්වන ඉවසීම සහ සහෝදරත්වය ගෝලීය සාමය උදෙසා අත්‍යවශ්‍ය බව පැවසුවාය.

ජාතීන් අතර ගොඩනැගෙන අන්‍යෝන්‍ය විශ්වාසය මත රටේ තිරසාර සමෘද්ධිය රඳා පවතින බව ඇය සිය රාමසාන් සුභපැතුම් පණිවුඩයෙන්  ඇය අවධාරණය කළාය.

“විවිධත්වය අපේ ශක්තියයි; එක් ධජයක් යටතේ නැගී සිටිමු – අග්‍රාමාත්‍යතුමියගෙන් රාමසාන් පණිවුඩයක්” යැයි  ඇය කීවාය.

සමාජ සාධාරණත්වය සහ පරිත්‍යාගය මුල් කරගනිමින් කටයුතු කරමු. සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙළ ගැසෙන රාමසාන් උදාවට මා  සුභාශිංසන” ලබා දෙන බව ද ඇය කීවාය.

තමා සතු දෙයින් කොටසක් නැති බැරි අය වෙනුවෙන් පරිත්‍යාග කරමින් සමාජ සාධාරණත්වය ඉස්මතු කරන උතුම් රාමසාන් දිනයේ, වඩාත් යහපත් රටක් ගොඩනැගීමට අදිටන් කරගත යුතු බව ද ඇය කීවාය

ඉවසීම සහ කැපකිරීම පෞද්ගලික ජීවිතයට පමණක් සීමා නොකර රටේ පොදු යහපත උදෙසා යොදාගැනීමේ වැදගත්කම ඇය සිය පණිවුඩයෙන් පෙන්වා දී තිබිණි.

Share.
Leave A Reply