ආහාර සුරක්ෂිතතාව බිල්ලට? – FSP විශේෂ හෙළිදරව්ව !

ආහාර හිඟයට “නියඟය” සාධකයක් – වී ටික – මංකොල්ල කෑම!

ආහාර සංචිත රහිතව ආහාර මාෆියාවට දණගැසීම!

🛑 රටේ බහුතරයකට සාගින්න? – ආණ්ඩුවේ “නිසි සැලසුම්” නැතිනම්?  ඇත්තටම රට රතු හුණ්ඩුවක් ම වෙයි ද? මෙන්න කතාව!

ඩොලර් හොරුන්ට තෙල් මාෆියාව පවරා දීමේ සූදානමක්! රටම අනතුරේ!

නිරීක්ෂණයෙන් බැහැර ‘කළු ආර්ථිකයක්’ හරහා රටේ බලශක්තිය සහ අධ්‍යාපනය බිල්ලට දෙන බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් බරපතළ හෙළිදරව්වක් කළේ ය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බහුජන ලේකම් දුමින්ද නාගමුව මහතා අද (මාර්තු 19) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක දී මෙසේ ද කීය.

@ තෙල් මාෆියාවට පාර කැපීම: මහාපරිමාණ ව්‍යාපාරිකයන්ට තමන්ගේ ඩොලර්වලින් තෙල් ගෙන්වීමට අවසර දීම යනු, මහබැංකු පාලනයෙන් තොර “කළු ආර්ථිකයක්” නිර්මාණය කිරීමකි. විදෙස් ශ්‍රමිකයන් සහ වතු කම්කරුවන් දහඩිය හෙළා උපයා මෙරටට නොඑවා පිටරට රඳවාගත් ඩොලර් බිලියන ගණනක “වංචනික මුදල්” සුදු කිරීමට ආණ්ඩුව මෙලෙස ඉඩකඩ සලසා දී ඇත.

@@@ “සමාන්තර ආණ්ඩු” බිහිවීම: ඉන්ධන ආනයන බලපත්‍ර මගින් ධනකුවේර ව්‍යාපාරිකයන් අතට රටේ බලශක්ති පාලනය පත්වන අතර, ඉදිරියේදී රජයට පාලනය කළ නොහැකි ලෙස තෙල් මිල සහ බෙදාහැරීම තීරණය කරන්නේ ඔවුන්ය.

@@@@ දරුවන්ගේ අධ්‍යාපනයට මරු පහරක්: තෙල් අර්බුදය පියවා ගැනීමට නොහැකි වූ රජය, නැවතත් පාසල් වසා දමා ‘ඔන්ලයින්’ අධ්‍යාපනයට මාරු වීමට සැරසෙයි. සුඛෝපභෝගී වාහන ගෙන්වා ඩොලර් නාස්ති කළ ආණ්ඩුවේ වැරදිවලට දරුවන් ලවා වන්දි ගෙවීමට ඉඩ දිය නොහැක.

@@@@@ ඉදිරියේදී එන ආහාර හිඟය: ලෝක යුද වාතාවරණය සහ එළඹෙන නියඟය හමුවේ දැඩි ආහාර හිඟයක් ඇතිවීමට නියමිතය. රජය වහාම ආහාර සංචිත රැස් නොකළහොත්, ගොවියාගේ වී ටික මංකොල්ල කන මහාපරිමාණ සහල් ව්‍යාපාරිකයන්ට ජනතාව නැවතත් දණ ගැසිය යුතු වනු ඇත. @@@@@අර්බුදයේ බර ජනතාව මත පටවා, ව්‍යාපාරික පැලැන්තිය සතුටු කරන ආණ්ඩුවේ මෙම වැඩපිළිවෙළට එරෙහිව පුළුල් ජනතා බලයක් ගොඩනැගීමට අප සූදානම්!” පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බහුජන ලේකම් දුමින්ද නාගමුව මහතා ප්‍රකාශ කළේ ය

Share.
Leave A Reply