📞 011 210 6767
📞 011 729 6130
පවතින ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලිය අඩාල කරමින්, නියමිත රෙගුලාසිවලට පරිබාහිරව කටයුතු කරන ඉන්ධන පිරවුම්හල් හිමියන්ට සහ අක්‍රමිකතාවල නිරතවන්න පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) තීරණය කර තිබේ.
ඉන්ධන තොග සඟවා තැබීම, නියමිත පංගුවට වඩා අඩුවෙන් හෝ වැඩියෙන් නිකුත් කිරීම සහ අවිධිමත් ලෙස ඉන්ධන අලෙවි කිරීම සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෙම විශේෂ මෙහෙයුම දියත් කර තිබේ.
මහජනතාවගේ අවධානයට!
ඔබේ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක මෙවැනි කිසියම් අක්‍රමිකතාවක් සිදුවන්නේ නම්, ඒ පිළිබඳව වහාම පහත සඳහන් විශේෂ දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
තොරතුරු ලබා දිය හැකි දුරකථන අංක:
📞 011 210 6767
📞 011 729 6130
නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා ඔබේ සහයෝගය ලබා දී වගකිවයුතු පුරවැසියෙකු ලෙස කටයුතු කරන්න.
මෙය හැකි තාත් ජනගත කරන්න !

