ශ්‍රී ලංකාව තුළ අවසරයකින් තොරව ඩ්‍රෝන යානා පියාසර කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් දැඩි නියෝගයක් නිකුත් කර තිබේ. ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් නිකුත් කළ මෙම නිවේදනයකි.

දේශීය හෝ විදේශීය ඕනෑම පුද්ගලයෙකු ඩ්‍රෝන යානා පියාසර කිරීමට පෙර අදාළ බලධාරීන්ගෙන් නිසි අවසරය ලබාගත යුතුය.

ආරක්ෂිත කලාප තුළ අවසර රහිතව ඩ්‍රෝන ක්‍රියාත්මක කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගනු ලැබේ.

දැනටමත් නීති කඩකළ පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර, එවැනි ක්‍රියාකලාපයන් වැළැක්වීමට ගුවන් හමුදාව නිරන්තර අවධානයෙන් පසුවේ.

නීතිමය ගැටලු සහ අපහසුතා මගහරවා ගැනීම සඳහා සැමවිටම නීත්‍යානුකූල රෙගුලාසි අනුගමනය කරමින් ඩ්‍රෝන යානා භාවිත කරන්න.

Share.
Leave A Reply