@ 🚨 සංගා – මහේලලාගේ නමත් ගෑවුණු හම්බන්තොට බිලියන 45ක අලි රක්ෂිත කොල්ලය!

🐘 හරිත බලශක්ති මුවාවෙන් අලි අක්කර 1000ක් ගිනිබත්! ප්‍රකට ක්‍රීඩකයින් සහ හිටපු ප්‍රභූන් පසුපස සිටින බවට අනාවරණය.

💥 හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය ඩෝසර් කරයි: සමාගම් 17ක නීති විරෝධී “කළු” සූර්ය බලශක්ති සංග්‍රාමය!

🚜 අක්කර 1000ක් ඩෝසර් කර අලි මංකඩවල් අහුරයි: මයුරපුර ගොවි පවුල් 5000ක් මරණ බියෙන්!

🔥 කාබන් අඩු කරන්න වනාන්තර ගිනිබත් කරයි: හම්බන්තොට සිදුවන ව්‍යාජ සුනිත්‍ය බලශක්ති මගඩිය.

😢 වැටවල් නිසා අලි ගම් වදී: හම්බන්තොට බිලියන 45ක ව්‍යාපෘතියක් නිසා ගොවියෝ වගාබිම් අත්හරිති.

⚖️ නීතිය අමු අමුවේ උල්ලංඝනය කරමින්, EIA පාරිසරික වාර්තාත් නැතිව අලි රක්ෂිතයක සෝලා බලාගාර!

🏛️ ආණ්ඩුව නිහඬයි; මහවැලි අධිකාරිය අනුමැතිය දෙයි: හම්බන්තොට නීති විරෝධී ව වනාන්තර එළි කිරීමක්.

⛔ අධිකරණ නියෝග අවභාවිත කරමින්, පුරාවිද්‍යා අනුමැතියත් නැතිව අලි නිජබිම් වනසන සමාගම් ජාලය.

සම්පුරණ කතාව මෙන්න පැත්තගියත් ඇත්ත කතාවක්.

ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ සජීව චාමිකර මේ සම්බන්ධයෙන් රටම අවදානයට ලක්වන පරදි බරපතල අනාවරනයක් සිදු කළේ ය.    

හරිත බලශක්තියේ මුවාවෙන් හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය මායිමේ පිහිටි අක්කර 1000ක වනාන්තර පද්ධතියක් සමාගම් 17ක් විසින් නීති විරෝධී ලෙස ඩෝසර් කර ගිනිබත් කරමින් පවතින බව ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය බරපතල අනාවරණයක නිරත වෙයි. ඩොලර් මිලියන 150ක (රුපියල් බිලියන 45කට අධික) ආයෝජනයක් ලෙස හුවා දක්වමින් සිදුකරන මෙම විනාශය හේතුවෙන් ප්‍රදේශයේ ගොවි පවුල් 5000කට අධික පිරිසකගේ ජීවිත අලි – මිනිස් ගැටුම හමුවේ දැඩි අවදානමකට ලක්ව ඇත.

සංඛ්‍යා දත්ත මගින් හෙළිවන විනාශයේ තරම

මෙම මහා පරිමාණ ව්‍යාපෘතිය ප්‍රධාන කොටස් දෙකක් යටතේ ක්‍රියාත්මක වන බව සජීව චාමිකර මහතා පෙන්වා දෙයි:

ව්‍යාපෘති 01: සමාගම් 05ක් එක්ව මෙගාවොට් 50ක ධාරිතාවයක් උත්පාදනය කිරීමට සැළසුම් කර ඇත.

ව්‍යාපෘති 02: සමාගම් 12ක් එක්ව ඩොලර් මිලියන 150ක ආයෝජනයක් ලෙස මෙගාවොට් 150ක ධාරිතාවයක් උත්පාදනය කිරීමට සැළසුම් කර ඇත.

විනාශ කළ භූමි ප්‍රමාණය: අක්කර 1000ක (හෙක්ටයාර 400කට අධික) ස්වභාවික වනාන්තර.

බලපෑමට ලක්වන ජනතාව: මයුරපුර කොට්ඨාශයේ පමණක් ගොවි පවුල් 5365ක්.

ප්‍රකට පුද්ගලයින් සහ සමාගම් ජාලය

මෙම ව්‍යාපෘති මෙහෙයවීම පිටුපස මෙරට ප්‍රකට පුද්ගලයින් සහ හිටපු ප්‍රභූන් සිටින බවට තොරතුරු අනාවරණය වී ඇත:

මෙගාවොට් 50 ව්‍යාපෘතිය: හිටපු ගුවන් හමුදාපති ඔලිවර් රණසිංහ මහතාට අයත් ‘දුදූ ඉන්ටර්නැෂනල්’ ඇතුළු සමාගම් 05ක්. මෙහි සම්බන්ධීකරණ කටයුතු සිදුකරන ප්‍රවීන් පීරිස් මහතා, හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර අධ්‍යක්ෂ ධූර දරන ‘සිනෝ ලංකා පවර් ජෙන්’ සමාගමේ ද අධ්‍යක්ෂවරයෙකි.

මෙගාවොට් 150 ව්‍යාපෘතිය: රේන්වෙන්චර් (Renventure) සහ සදර්න් නෙක්සස් (Southern Nexus) සමාගම් ජාලය හරහා බන්දුල විතානාරච්චි සහ චරණ කුමාරණතුංග යන අයගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වේ.

නීතිය අමු අමුවේ උල්ලංඝනය කිරීම

පරිසරවේදීන් පෙන්වා දෙන්නේ මෙම ව්‍යාපෘති ක්‍රියාවලියේදී මෙරට ප්‍රධාන අණපනත් 03ක් බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බවයි:

ජාතික පාරිසරික පනත (1993 අංක 772/22 ගැසට් පත්‍රය): හෙක්ටයාර 50කට වැඩි භූමියක් එළි කිරීමට පෙර අනිවාර්යයෙන්ම සිදු කළ යුතු ‘පරිසර බලපෑම් තක්සේරු (EIA)’ ක්‍රියාවලිය මඟහැර තිබීම.

පුරාවස්තු ආඥා පනත: හෙක්ටයාර 1කට වැඩි වනාන්තර එළි කිරීමට පෙර ලබාගත යුතු පුරාවිද්‍යාත්මක අනුමැතිය ලබා නොගැනීම.

අධිකරණ නියෝග අවභාවිතය: 2025 ජුනි 12 දින ලබා දුන් අභියාචනාධිකරණ තීන්දුව (CA Writ No 133-150) පලිහක් කර ගනිමින්, සෙසු පාරිසරික අනුමැතීන් නොමැතිව වනාන්තර ඩෝසර් කිරීම.

ගොවි ජනතාව මරණයේ මුඛයට

සීනුක්කුගල, ඔරුකෙන්ගල හා කපාපුවැව යන අලි නිජබිම් මෙලෙස වැටවල් ගසා අවහිර කිරීම නිසා, වන අලින් මීගහජදුර, තනමල්විල සහ ගල්වැව වැනි ජනාවාස දෙසට තල්ලු වෙමින් පවතී. මේ වන විටත් ප්‍රදේශයේ වගාබිම් අත්හැර දැමීමට ගොවීන්ට සිදුව ඇති අතර, අලි – මිනිස් ගැටුමෙන් සිදුවන මරණ සහ පූර්ණ ආබාධිත තත්ත්වයන් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.

කාබන් වායුව අවම කිරීමට යැයි පවසමින්, කාබන් උරාගන්නා වනාන්තර ගිනිබත් කරමින් සිදුකරන මෙම “ව්‍යාජ සුනිත්‍ය බලශක්ති සංග්‍රාමය” වහාම නතර කරන ලෙසත්, නිවාසවල වහලවල් සහ මුස්නෑ බිම් (වැඩ නොගන්නා ඉඩම්) මේ සඳහා යොදා ගන්නා ලෙසත් පරිසරවේදීන් රජයෙන් ඉල්ලා සිටියි.

Share.
Leave A Reply