මෙරට කෘෂිකාර්මික ක්ෂේත්රය නව මාවතකට යොමු කරමින්, 2026 වර්ෂය සඳහා රුපියල් මිලියන 30,000කට (බිලියන 30) අධික දැවැන්ත මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කිරීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණාත්මක සැලසුම් අනාවරණය විය.
වී ගොවියා රජ කරවන “බිලියන 10” මෙහෙයුම!
අතර මැදියන්ගේ සූරාකෑමෙන් ගොවියා මුදාගෙන ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා වී ආරක්ෂණ තොග පවත්වා ගැනීමට පමණක් රුපියල් මිලියන 10,000ක් වෙන් කර ඇත.
අස්වැන්න නෙළූ සැණින් අඩු මිලට විකිණීම වෙනුවට, වී වේළා ගබඩා කර ඉහළ මිලකට අලෙවි කිරීමට ගොවීන් දිරිමත් කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
ප්‍රධාන මූල්‍ය වෙන්කිරීම් එක බැල්මකට:!
වී ආරක්ෂණ තොග: රු. මිලියන 10,000
බෝග රක්ෂණය: රු. මිලියන 3,000
තිරසර හා ව්‍යවසායකත්ව ණය: රු. මිලියන 1,550
කිරි නිෂ්පාදනය (Dairy Hub): රු. මිලියන 1,000
අභිජනන ගොවිපොළ සංවර්ධනය: රු. මිලියන 1,000
දෙපාර්තමේන්තු ශක්තිමත් කිරීම!
සේවාවන් ගොවිබිමටම සමීප කරවීමට ආයතනික මට්ටමින් ද විශාල ප්‍රතිපාදන වෙන් කර ඇත:
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව: රු. මිලියන 4,486
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව: රු. මිලියන 4,360
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව: රු. මිලියන 1,492
“අස්වැන්න නෙළූ සැණින් අඩු මිලට විකුණන්න එපා. වී හොඳින් වේළා ගබඩා කර වැඩි ලාභයක් ලබන්න. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය සහ පහසුකම් අප ලබා දෙනවා.” – අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා කියයි.
මෙම දැවැන්ත ආයෝජනය හරහා 2026 වසර මෙරට කෘෂිකර්මාන්තයේ සැබෑ වෙනසක් සිදුවන වසරක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

